
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල, තෙලිකඩ ප්රදේශයේ නිවසක් තුළ, තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයට අදාළ සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් සහ 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මියගිය කාන්තාවගේ දියණිය ප්රහාරයෙන් තුවාල ලබා ඇති අතර ඇය මේ වනවිට රෝහල් ගත කර තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී මියගිය මව සහ දියණිය නිවසේ රැඳී සිට ඇති බව වාර්තා වේ.
පොලිසිය පවසන පරිදි, මෙම බිහිසුණු ඝාතනයට හේතු වී ඇත්තේ කාලයක සිට පැවති පවුල් ආරවුලකි. එම ආරවුල දුරදිග යාමෙන් කුපිත වූ සැකකරු තියුණු ආයුධයකින් නිවසේ සිටි පිරිසට පහර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තෙලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරන අතර, මියගිය අයගේ මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd