
(ගයාන් සූරියආරච්චි)
එංගලන්තය,කැනඩාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල රැකියා අවස්ථා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සදහා ත්‍රීකුණාමලය විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් එම කාර්යාංශයට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කින්නියා මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරුට එරෙහිව නොතිසි ද නිකුත් කර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස විදෙස් ගමන් තහනම් පනවා ඇත්තේ මීගමුව හා මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවකු වන කන්දයියා ගජන් (47) නැමති පුද්ගලයෙකුටය.
සැකකරු තම මස්සිනාට කැනඩාවේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් අනූ හත් ලක්ෂ හතලිස් දෙදහස් හයසියයක මුදල් වංචාවක් සිදුකළ බවට ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ත්‍රිකුණාමලය විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය වෙත කළ පැමිණිල්ලකට අනුව අධිකරණයට කළ කරුණු දැක්විම මත මෙම නියෝගය ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd