(අජිත්ලාල් ශාන්තඋදය)

පුද්ගලයෙකුගෙන් රුපියල් දෙලක්ෂ හතලිස් හය දහසක කප්පමක් ලබාගත් බවට සැකකරන සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් රත්නපුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සිතාවක පොලිස් කොට්ඨාසයේ යටියන්තොට පොලිසියේ සේවය කළ නිලධාරියෙකි.

 කුරුවිටල උඩකඩ කුලියට පදිංචිවි සිටින ව්‍යාපාරිකයෙකුගෙන් 30 දා රාත්‍රී මෙම මුදල් ලබාගෙන ඇතැයි කියයි. සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා 49 වැනි  වියේ පසුවෙයි. ඔහු මාළඹේල , පදිංචිකරුවෙකි.