
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.
එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසවේ කෙටි කෑම මිල ද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවත් ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දැමූ බවත්ය.
ආපනාශාලා පවත්වාගෙන යනු ලබන සෑම ස්ථානයකම විදුලි බිල ඒකක 180 ඉක්මවා යනු ඇති බවත් එවැනි තත්වයක් තුළ විශාල විදුලි බිලක් දැරීමට සිදුවීම හේතුවෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවත් හර්ෂණ රුක්ෂාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
180ට වඩා භාවිතා කරන අයගේ උපරිම වැඩිවීම මාසයකට 3300. එනම් දිනකට 110යි. දවසට කොත්තු 4ක් වික්කම ඒක හොයාගන්න පුලුවන්. අසාධාරණ ලෙස කෑම වලින් හම්බකරන උන්ට මේ ආත්මෙම ලේ බඩයන්න ඕන