
(අංජුල මහික වීරරත්න)
පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් හා පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රම වේදය විධිමත් කරමින් පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස 2025-09-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2025-09-09 දිනැතිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 27/2025 නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බැවින්, එකී ගැටලු වලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල් වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව වක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍යත්ව කඩයිම් විභාගය තියන එක හොදයි.
නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ දරුවන්ගේ යහපැවැත්ම සහ ඉදිරිගමන වෙනුවෙන් යොදවන්න.
කිසිම දරුවකු අසමත් කියන ලේබලයට නුසුදුසුයි. හැමෝම කවුරු හෝ කුමන දක්ෂතාවයකට හෝ සුදුසුයි.
කමක් නැහැ. හොද අධ්‍යාපනික ක්‍රමවේදයන් සැකසීමත් වටිනවා.
අපේ රටේ අධ්‍යාපනය හොද තලයකට ගේන්න ඕනෑ.