(ටී.කේ.ජී.කපිල )

රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ  ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා 03/31 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

 එතුමා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.