
(සුජිත් හේවාජුලිගේ)
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ආනයනය කෙරුණු ගල්අඟුරු සහ එම බලාගාරයේ කටයුතු සම්බන්ධ විමර්ශනය ලබන 09 වැනිදා ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
මෙම විමර්ශනය සඳහා ලක්විජය බලාගාරය විදුලි බල මණ්ඩලය සහ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් එදින කැඳවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
ලක්විජය බලාගාරයේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විවිධ වැරදි වාර්තා පළවී ඇති බවත් එය ඉතා අසාධාරණ හෙයින් එහි ඇත්ත තත්වය කුමක්දැයි රට දැනගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මෙම විමර්ශනයෙන් අනතුරුව ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද නිශාන්ත සමරවීර මහතා පැවසීය.
ගල් අඟුරු ආනයනය සහ ලක්විජය බලාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටු සාමාජික පිරිසක් පසුගියදා එහි ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd