
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට හදිසියේ හටගත් මහ වැසි නිසා , ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ගොඩබැස්සවීමට නොහැකිව ඉහළ අහසේ රවුම් ගසමින් සිටීමට සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
රාත්‍රී දින 09.45 ට පමණ හදිසියේම මෙම කාළගුණික වෙනස්වීම ඇති වීම නිසා චීනයේ කුංමිං සිට පැමිණෙන චයිනා ඊස්ටන් ගුවන් යානය , ඩුබායි සිට පැමිණෙන එමිරේට්ස් ගුවන් යානය , තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණෙන එයාර් ඒෂියා ගුවන් යානය , මෙල්බර්න් නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් යානය , ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් යානය සහ පකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙම අසීරුතාවයට ලක් වී සිටිති .
මෙම ගුවන් යානා අතරින් චීනයේ කුංමිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 09.49 ට ගොඩබැස්සවීමට නියමිත ගුවන් යානය පැයකට ආසන්න කාළයක් ඉහළ අහසේ රවුම් ගසමින් සිට රාත්‍රී 10.50 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට යොමු කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සට දෙහි කපමින් ඉහළ අහසේ පියාසර කරමින් සිටි මෙම ගුවන් යානා හය, කෙලින්ම "මත්තල හුළං තොටුපළ" වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර නොගත්තේ කුමන හේතුවක් මතද ? අති විශාල පරිසර දූෂණයක් අවම කරගෙන, මිළ කල නොහැකි ඉන්ධන ප්රමාණයක් ඉතිරි කරගෙන, මත්තල වන සතුන් පමණක් පාවිච්චි කරන මෙම හුළං තොටුපළට එක වර ගුවන් යානා හයක් පැමිණියා කියා, "ගිනීස් ලොක වාර්තා පොතට" එක් වීමට තිබූ රත්තරන් අවස්ථාවත් අහිමිවී ගියා!!! අපරාදේ...