(අංජුල මහික වීරරත්න)

විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පන්ති මගින් විදුලි සංදේශ බදු පැනවීම සදහා විධිවිධාන සලසා ඇත. 2026 අයවැය මගින් විදුලි සංදේශ බදු සම්බන්ධයෙන් කලින් කලට සිදු කරන ලද වෙනස්කම් ඇතුළත් කරමින් එම පනත සඳහා සංශෝධන හදුන්වා දීමට යෝජනා කරනු ලැබ තිබේ. 

ඒ අනුව, දැනට පවතින විදුලි සංදේශ බදු අනුප්‍රමාණයන් සහ 2014 වසරේ සිට අදාළ වූ සියලුම බදු අනුප්‍රමාණයන් පිළිබිඹු වීම, අය නොකළ ආදායම් (බොල් ණය) මත බදු අදාළ වීම සහ එම පනතේ විධිවිධාන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන්ට අදාළ වන පරිදි පුළුල් කිරීම පිණිස වන විධිවිධාන ඇතුළත් කරමින් 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. 

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.