ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගන්න විදෙස් සහය පතයි
ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු ඉවත් කර ගැනීමට සහාය දෙන්නැයි මෙරට විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල්වලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.