(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ පැවැති විවාහ මංගල උත්සවයක් අතර තුර ඇති වු ආරවුලකින් මනාලියගේ පළමු විවාහයේ සැමියා විසින් මනාලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබිඩීන් (51) නමැති පුද්ගලයකු වන අතර , ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා ඊයේ (16) සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රියේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන අතරතර තුර රාත්‍රි 10.00 ට පමණ මනාලියාගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුල් ඇති කරගෙන කඩදාසි කපන පිහි තලයකින් ඔහුගේ ගෙල කපා දමා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මනාමාලයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දැනුම් දුන් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් පසු සැකකරු පැනගොස් ඇති අතර අද පෙරවරුවේ ඔහු කොමපඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මනාලිය මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්, ඇයට පළමු විවාහයෙන් වැඩිමහල් දියණියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මංගල්‍යය අස්සේ මනාලයාගේ බෙල්ල කපා මරාදමලා