IMG-LOGO

ආණ්ඩුවේ තියෙන වැරැදිවලට එක් කෙනෙකුට දොස් කියන්න බෑ

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ පවතින වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙක් ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්‍රියාවලියේම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනතාව දොස් කියන්නේ හා විරෝධය පාන්නේ එක් අයකුට නොව ආණ්ඩුවටම බව කී ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත්, රටේ පවතින තත්වයට වගකිව යුතු තවත් මැති ඇමතිවරුන් හා නිලධාරීන්ද සිටින බවත් කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 සමඟ මෙන්ම ඊට අයත් නොවන පක්‍ෂ සමඟත් එක්ව කටයුතු කරන බව කී ඇමතිවරයා ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරු කණ්ඩායමකුත් ද තම පක්‍ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

තම පක්‍ෂය ඉවත් කළ දෙදෙනා තනිකර පැත්තකට දමා නැතැයි කී අමරවීර මහතා ශ්‍රී.ල.නිපය වැඩසටහන්වලට සම්බන්ධ වන්නේ හා තීන්දු ගන්නේ පක්‍ෂය ලෙස සාකච්ඡා කර වෙනම ක්‍රමවේදයකට බව ද පැවසීය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ වන විට මහබැංකු අධිපති රජිත් නිවාඩ් කබ්රාල් මහතාට මෙන්ම ජනාධිපති, අගමැති ඇතුළු පවුලේ අයටත් විරෝධයක් ඇතැයි කී ඇමතිවරයා බැසිල් ආණ්ඩුවේ නැත්නම් නැවත ඇමතිකම් ගන්නවා කීවහොත් එය නිවැරදිද යන්න ගැටලුවක් බව ද ප්‍රකාශ කළේය.

රටේ පවතින තත්වය තුළ කෝපයට පත් ජනතාව සමඟි ජන බලවේගය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධතා, ශ්‍රී.ල.නි.ප සමුළු ඇතුළු ආණ්ඩු විරෝධී සෑම කටයුත්තකටම රැස්වෙමින් සිටින බව කී අමරවීර මහතා එල්.ටී.ටී.ඊය පැමිණ විරෝධතාවක් පැවැත්වූවත් ඔවුන් එයට ද පැමිණෙනු ඇති බවත්, විදුලි කප්පාදුව නිසා තමා ද විවිධ ගැටලුවලට මුහුණ පා තිබෙන බවත් කීවේය.

රටේ පවතින ප්‍රශ්න විසඳනතුරු ඕනෑම විරෝධතාවයක් සාර්ථක වන බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අය බව ද පැවසීය

 



අදහස් (11)

ආණ්ඩුවේ තියෙන වැරැදිවලට එක් කෙනෙකුට දොස් කියන්න බෑ

Kumara Thursday, 17 March 2022 06:09 PM

හැබෑටම දැනගෙන හිටියේ නෑනේ...

:       2       15

මැක්ස් Thursday, 17 March 2022 06:23 PM

බොර දියේ මාළු බාන්නෝ දේශපාලනයේ වැහි වැහැලා ඉන්නවා වුණාට ඔබතුමා එසේ නොවන බවයි පෙනෙන්නේ...

:       5       35

Lalith M Thursday, 17 March 2022 07:35 PM

මතකද තමුන් 2015 මැතිවරණ කාලයේ කිව්ව හිටපු මැති ඇමැතිවරු හොඳට හම්බ කරගෙන ඉන්නේ.. ඒ නිසා ඒ අය තවදුරටත් හම්බ කරන්නේ නැතිවෙයි. අලුත් කණ්ඩායමක් ආවොත් පරණ අය කළ දේ අලුතින්ම පටන්ගනී කියලා. ඒ නිසාම පරණ අයව නැවත පත්කරන එක හොඳයි කියලා. තමන් කළ කී දේ තමයි රටට පල දී තියෙන්නේ... 2005-2015 යුගය...

:       13       15

සකල ගුරු Friday, 18 March 2022 08:04 AM

සහතික ඇත්ත... ආණ්ඩුවේ වැරදි කියලා කියන්න එපා. අපි දැක්කා තමුන්නැහැ යහපාලනය කාලයේ ඉතාමත් දක්ෂ ලෙසට ඇමැතිකම කළා. එහෙම කලේ ඉහළ බලපෑමක් නොතිබුණු නිසායි. නමුත් දැන් එහෙම නැතිනිසා තමුන්ට ඉස්සර වගේ වැඩ කරන්න බැහැ කියලා පේනවා... ඉතින් කොහොමෙයි කියන්න තියෙන්නෙ... ආණ්ඩුව වැරදියි කියලා

:       0       1

fairoos Thursday, 17 March 2022 08:06 PM

රට කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න.. ඔක්කොම එකතුවෙලා තමයි බංකොළොත් කරලා තියෙන්නේ..

:       10       18

Shan Thursday, 17 March 2022 08:12 PM

බස් කොන්දොස්තර කෙනෙක්ගේ දැනුම සහ අනිත් අයගේ දැනුම වෙනස් වෙන්න පුළුවන්... ඒක නිසා දීපු වැඩේ හරියට කරන්න බලන්න... ලොකු කතා දදා ඉන්නේ නැතුව...

:       5       21

Sahana Thursday, 17 March 2022 10:41 PM

ඔබලාගේ බහට රැවටිලා මාරුවෙන් මාරුවට කතිරේ ගහපු අපිටයි ගහන්න ඕනෙ. රුසියාවෙන් හොඳට හොරාකාලා දැන් හොරාකාපුවා නැතිවෙයි කියන බයට මරු කියව කියවා ඉන්න. දෙගොල්ලන්ම රට ගැන හිතුවේ නැහැ. පරපෝෂිත දේශපාලුවන් නෙරපා ඔවුන් හොරකම් කරන ලද ජනතාවගේ වත්කම්, අයිතිවාසිකම්, මානව හිමිකම් සියල්ල ආපසු ලබා ගත යුතුයි. එදාට අපි ණය නැති ජාතියක්...

:       0       2

ප්‍රේමසිරි Friday, 18 March 2022 06:37 AM

විස්ස සම්මත කළාට පස්සේ කරන්න බැරි දෙයක් නැහැනේ ඉතින්... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් ජනතා සුබසාධනය වෙනුවෙන් ගන්නා තීරණ වැරදියි කියන්න බැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට ඇති ජනතා විරෝධය ජනාධිපතිවරණයක් කැඳවා තරමකින් සමනය කරගන්න හැකියාව ඇත...

:       1       1

C.K.Lankaputhra Friday, 18 March 2022 07:54 AM

මෙයාලා කට අරින්න බය නෑ. ආණ්ඩුව දන්නවා මෙයාලා කට ඇරියොත් මැදමූලනලා ඉවරෙටම ඉවරයි කියලා. ඒකනේ ඒ ගොල්ලන්ගේ ලොක්කට සියලු සැප ලැබෙන්නේ...

:       0       1

Hafeel Friday, 18 March 2022 09:36 AM

එක පුද්ගලයෙක් කියන්නේ අර ඥාණා අක්කාටද?

:       0       4

Sriland Friday, 18 March 2022 12:20 PM

මේ අර්බුදය ආණ්ඩුවේ හැමෝමත්, විපක්ෂයේ හැමෝමත් වගකියන්න ඕනෑ. නියම ශ්‍රී ලාංකිකයින් නම් ආගමක් අදහනවා නම් සියලුම දෙනා ජාතියෙන් සමාව අරන් ඉල්ලා අස්වෙලා පුළුවන් හොඳ කෙනෙකුට රට බාරදෙන්න ඕනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site