IMG-LOGO

ඩොලර් බිලියනයක ණයට අත්සන් තැබීම අද

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියනයක ණය මුදල සඳහා වන ගිවිසුමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (17) පස්වරුවේ අස්සන් තැබීමට නියමිත බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ඩොලර් බිලිනයක් වන ණය මුදලින් සහල්, සීනි ඇතුළු අතශ්‍යවශ්‍ය ආහාර කීපයක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

ඉන්දියාවේ නිල සංචාරයකට සහභාගි වී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ එම ගිවිසුමට අස්සන් තැබීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. 



අදහස් (8)

ඩොලර් බිලියනයක ණයට අත්සන් තැබීම අද

Mo77 Thursday, 17 March 2022 05:32 PM

වැඩි ගණනට කෑම බීම ටික ඉන්දියාවේනේ..!

:       1       13

Ruhunu Thursday, 17 March 2022 05:37 PM

කපුටාස් කොච්චර කෑවත් කුසගින්න යන්නේ නැතිලුනේ... අන්න ඒ වගේ තමයි. කොච්චර ණයට ගත්තත් ඇතිවෙන්නෑ...

:       1       23

Samantha Friday, 18 March 2022 07:58 AM

ණයට අත්සන් කර ගිවිසුම හුවමාරු කරද්දී ඉන්දීය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලොකු සිනාවකින් සිටියදී ආටිගල ලේකම්වරයාගේ මුහුණ මලානිකව තිබුණේ මෙම ගිවිසුම රටට කොඩිවිනයක් නිසාද..?

:       0       0

Sunil Friday, 18 March 2022 08:13 AM

උගසට තබා මගෙ රට පිට රටුන් හට..., ලොව බලවතුන් අභිමුඛයේ දණින් සිට.., හිඟමන් යදිමු සාගින්දර නිවන්නට.., එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට...

:       0       2

lakvidu Friday, 18 March 2022 10:36 AM

මුදල් ඇමැති කියන නම අහෝසි කරලා, ණය ගැනීමේ ඇමැති කියලා වෙනස් කරමුද?

:       0       5

Sriland Friday, 18 March 2022 12:22 PM

අපේ ඊළඟ පරම්පරාවත්, උපදින්න ඉන්න පරම්පරාවත් ඉවරයි...!

:       0       0

Shan Friday, 18 March 2022 01:06 PM

හුරේ... තව ණයක් අනුමත කරගෙන. අපිනම් හරිම දක්ෂ ජාතියක්.. දැන් අපේ ආඩම්බර ඇමැති මේක ගැන උජාරුවෙන් කියයි. මේ ණය වෙනුවෙන් ලංකාවෙන් දෙන දොළ පිදේනි ටිකත් කියන්න ඇමැතිතුමා... ඔක්සිජන් කන්නද කියලා අහපු මෝඩයන් ඉන්න රජයකින් රටේ දේවල් ටික විකුණනවා කියන්නේ බොහොම සුළු දෙයක්...

:       0       1

Bamunuarachchi Saturday, 19 March 2022 06:46 PM

ඩොලර් වලට බඩු ගෙන්වාගෙන රුපියල් වලට විකුණලා කවදාවත් ඔය ණය ගෙවන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site