(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම අද (17) නිදහස් කරගත් ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට පමණක් ප්‍රමාණවත් බව එම සමාගමේ උසස් නිලධධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙටි්‍රක්ටොන් 200 ක් පමණ කර්මාන්තවලට ලබාදෙන බවත් ඉතිරි ගෑස් ප්‍රමාණයෙන් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය කරන බවත් එම නිලධාරියා කීය.
ගෑස් මෙටි්‍රක්ටොන් එකකින් කිලෝ 12.5 සිලින්ඩර 80 පමණ නිෂ්පාදනය කළ හැකි මෙන්ම නිෂ්පාදන කරන සින්ඩරවල ප්‍රමාණය අනුව ටොන් එකකින් නිෂ්පාදනය කරන සිලින්ඩර සංඛ්‍යාව තීරණය වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම නිකුත් කළ විවිධ ප්‍රමාණවල ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතයන් සහ ජනතාව සතුව ලක්‍ෂ 70 ක් පමණ ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55 ක් පමණ කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිදහස් කරගත් ගෑස් ටොන් 3500 දින දෙකෙන් ඉවරයි
Sunil Friday, 18 March 2022 09:34 AM
ඔය සොච්චම මදි... දැනට තියෙන පෝලිම්වල ඉල්ලුම සපුරන්නවත් ඊළඟට...!