IMG-LOGO

පාසල් සිසුන් රැගත් බසය පෙරළී 20ක් රෝහලට

(යසන්ත ආරියසේන)

හම්බන්තොට කටුවන ජාතික පාසලේ සිසුන් රැගත් බස්රථයක් හදුගල හිගුරවත්ත පාලම අසලදී අනතුරකට පත්වී බරපතල තත්වයේ සිටි සිසු සිසුවියන් විසි දෙදෙනකු ලබා රෝහලගත කර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.

කටුවන ජාතික පාසලේ සිසු සිසුවියන් රැගත් බස් රථය දෙයියන්දර නියදගලට  වාරිකාවකට ගොස් පැමිනෙමින් සිටියදි මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරන් තුවාල ලබා බරපතල තත්වයේ සිටින සිසුන් දෙදෙනකු කරාපිටිය රෝහලටත් එක් අයකු මාතර මහ රෝහලටත් තවත් විසි තුන්දෙනකු වලස්මුල්ල මූලික රෝහලේ සහ කිරම ප්‍රාදේශිය  රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

දෙයියන්දර නියදගලට ගොස් ආපසු පැමිනෙමින් තිබු බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අඩි සියයක් පමන පහලින් ඇති හෙලකට වැටිම නතර කර ගැනීමට මාර්ගයේ අනෙක් පසින් පිහිටි කණ්ඩියට දෙසට හරවා විශාල අනතුරක් සිදුවීම වලක්වා ගැනීමට බස් රථයේ රියදුරු සමත්ව ඇති බව මූලික විමර්ශණයෙන් අනාවරණය වන බවත් වැඩිදුර වමර්ශන සිදුකරන බව පොලිසය සදහන් කරයි.

 



අදහස් (0)

පාසල් සිසුන් රැගත් බසය පෙරළී 20ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site