අලුත් විදියේ කොරෝනා එන්නතක් ඉන්දියාවෙන් නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් ’කොවිඩ් 19’ එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම එන්නත ’කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත යැයි පැවැසෙයි. 21 August 2021
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවාවන් සීමා කරයි ලබන 30වැනිදා තෙක් රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි අවශ්‍යතා සහිත අය සඳහා පමණක් සීමා කළ බව එම අමාත්‍යාංශය කියා සිටී. 21 August 2021
ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 August 2021
නිරෝධායන නීති කැඩූ 186ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 186 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 August 2021
ගම්පහින් ආසාදිතයන් 1941ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 1,00,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. 21 August 2021
දේශීය ඖෂධ ජනතාවට බෙදන්න ජනපතිගෙන් උපදෙස් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටටම ගොස් ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත. 21 August 2021
පහළ වායු ගෝලයේ කැලඹිලි තත්ත්වයක් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 August 2021
අරක්කු බෝතල් 628ක් සමග තිදෙනෙක් මාට්ටු නිරෝධායන ඇඳිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු බෝතල් 628 ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 21 August 2021
එතෙර සිට එන අයට නීති අලුත් වෙයි විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. 21 August 2021
නිරෝධායන ඇඳිරිය කැඩුවොත් වැඩ වරදි නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඊයේ(20) උපදෙස් දුන්නේය. 20 August 2021
ඇෆ්ගනිස්ථානයේ ලංකිකයන් 93ක් ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇතැයි ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. 20 August 2021
අත්‍යාවශ්‍ය සේවාවලට අවශ්‍යනම් ලංගම බස් අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ලංගම බස් ලබාදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 August 2021
තැපැලටත් හදිසි දුරකතන අංකයක් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 0718123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙසත් වැඩබලන තැපැල්පතිවරයා පවසයි. 20 August 2021
රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද (20) ප්‍රකාශ කළේය. 20 August 2021
නිරෝධායන ඇඳිරිය මාර්ග සංවර්ධන කටයුතුවල අදාල නෑ රට පුරා ක්‍රියාතමක වන මාර්ග සංවර්ධන කටයුතුවල සහ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතුවල සේවකයන්ට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ බාධාවකින් තොරව වැඩබිමට වාර්තාකළ හැකි බව මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි. 20 August 2021
කොරෝනා ආසාදිතයන් 2825 වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,825 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,77,973ක් දක්වා ඉහළ ගොස් ඇත. 20 August 2021
රට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්රයෙන් පැතිරෙයි කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 20 August 2021
ඉන්ධන ගන්න දිගු පෝලිම් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට පළවූ පුවත් හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (19) රාත්‍රියේ සිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබිණි. 20 August 2021
‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘ රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම ’’ඩීල්’’ එකක් යැයි කියන තරමට ඇතැම් දේශපාලනඥයින් බංකොලොත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 20 August 2021
ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි. 20 August 2021
කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට පැන වූ ගුවන් තහනම ඉවතට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අත්හිටුවා තිබූ වාණිජ ගුවන් ගමන් 22 වැනිදා සිට ආරම්භ කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියා සිටී. 20 August 2021
ඇඳිරි නීති කාලය තුළ අවු: 60ට වැඩි අයට එන්නත් නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සෞඛ්‍ය අංශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 20 August 2021
අද සිට දින 10 රට වහයි කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. 20 August 2021
රට වැසීම ගැන ඇමති සිසිර ජයකොඩිගෙන් අලුත් යෝජනාවක් රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 20 August 2021
“හරක් කටාට” අයත් සුඛෝපභෝගී බස් රථයක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මාතර මිද්දෙණීයේදී අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 August 2021
එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානයට වීඩියෝ බෙදූ තරුණයකු අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුණීන් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ තරුණයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ ඇත. 20 August 2021
රාජකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක පුතාත් සහිරා රග්බි ක්‍රීඩක පියාත් කොරෝනාවට බිලි කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ. 20 August 2021
ජාතික රෝහලේ වාට්ටු ලිපිකාරිනියක් කොවිඩ් වැළඳී මියයයි කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක් ද කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත. එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් මරණයට පත්ව ඇති අතර ඇය 52 හැවිරිදි දෙදරු මවකි. 20 August 2021
කුඩ්ඩා උ.පො.පරීක්ෂකට බෝතලයකින් පහරදෙයි බ්ලූමැන්ඩල් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයක් කඩා තුවාල සිදු කළ මත් ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 August 2021
“අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා’’ මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී 20 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026