“නිවෙස්ගත ප්‍රතිකාර ලබන්නන් නිවැරදි දුරකතන අංක ලබාදී නැහැ’’
නිවෙස්ගත ප්‍රතිකාර ලබන බවට ලියාපදිංචිව සිටින කොවිඩ් ආසාදිතයන් 2,000කගේ පමණ දුරකතන අංක නිසි ලෙස සම්බන්ධ කර ගත නොහැකි අතර, ඉන් 1,000කගේ පමණ දුරකතන අංක වැරැදියට දී ඇතැයි ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීයික සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.