අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23
මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට , ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය.