IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා

(නිමල කොඩිතුවක්කු)

ජනතාව පීඩාවට පත් කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව පලවා හරින තෙක් අද සිට  අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවති ජනහමුවක් අමතමින් අද(15) පැවසීය.

ජන බලයෙන් ආණ්ඩුව බලයෙන් පහකොට රට ගොඩනැගීමේ වැඩපිලිවල සමගි ජනබලවේග රජයක් තුළ බිහිකරන බවත්  විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ සම්පත්, දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණමින්  අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය ප්‍රමුඛ  රජයක් මගින්  යලි ලබාදෙන බවත්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව  ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති”මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

   “ දුර්දාන්ත ජනතා විරෝධී  රාජපක්ෂ ආණ්ඩුව  ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ගෑස්  ටික,  කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ  ජන බලය රටට පෙන්නුවා  කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.

දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා.

ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නෙවෙයි ජනතා සේවයක් එහි සේවයට කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී පොරොන්දු වෙනවා.

ජනාධිපතිගේ අගමැති ඉඳලා අපට තිබෙන වරදාන වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් ලබා දෙනවා කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපි ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. අපි ආණ්ඩුව තුළ පවා දීම් නැහැ. අපි එකම ඩීල් එක දී මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අද වෙන්දේසි ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සම්පත් අපේ දේශීය දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණන ජාතිද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන මොහොතේ අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය පොදු ජන රජයක් හරහා අපි නැවතත් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න දැන් එක එක්කෙනා එනවා. මෙතෙක් කල් සිදුවුණු බහුතර ඩීල් ක්‍රියාත්මක වුණේ ඇමතිකම්, සභාපතිකම් නිලතල මත පදනම්වයි. එහෙම ඩීල් දේශපාලනයක් සමගි ජන බලවේගය තුළ ඉඩක් නැහැ. එකතු වෙන්න ඕන නම් අපි එකතු වන්නේ පුද්ගල  ඩීල් මත නෙමෙයි කියලා ඒ කැමති හැමෝටම අපි කියනවා.අපි එකතු වන්නේ ජනතාව රට දිනවන ඩීල් එකක් එක්ක විතරයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අද කොළඹට ඇවිල්ලා  අපි මේ ක්‍රියාත්මක කළේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික්ක මට්ටමින් ආණ්ඩුව පලවා හැරීමේ ගමන දියත් කරනවා. ගමක් ගමක් ගානේ අපි ඇවිත් කාටවත් බිද දමන්න බැරි කාගෙවත් කුමන්ත්‍රණවලට යට වෙන්නේ නැති පාලනයක් අපි බිහි කරනවා. දකුණු පය පෙරට තබල තනි බලයකින් යුතු   සමගි ජන බලවේ සන්ධානය ජයග්‍රහණය කිරීමට අපි ඇප කැප වෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජනබල පාලනය බිහි බිහිකරන්න එක්වන්න කියලා  අපි මේ ජනතාවට ආරාධනා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරිනම් රට හදන්න අපිට බාර දෙන්න. අපි වැඩේ කරලා පෙන්නන්නම්. මේ වෙනකොට මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා.



අදහස් (16)

ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන පටන් ගත්තා

chandima Tuesday, 15 March 2022 08:38 PM

ආණ්ඩුව නම් ගෙදර යැව්වට කමක් නැහැ. ඒත් එන්න යන්නේ ඔයාලාද? අපිට වෙන්න යන්නේ කැහි ගෑණි දීලා, හොටු ගෑණි ගත්තාවගේ මරාලයක් නේද?

:       1       3

uk ran Tuesday, 15 March 2022 08:42 PM

මේ පුතාණෝ කොරෝනා දවස්වල ණය වෙලා හිටියා නම් බලාගන්න තිබ්බා... කරන දේ. ගොන් පාට් දානවා මේ දවස්වල ලෝකෙම ප්‍රශ්නයක ඉන්න වෙලාවක...

:       1       2

SUNIL MILANO Tuesday, 15 March 2022 09:00 PM

දවල්ද?

:       2       1

AB Tuesday, 15 March 2022 10:26 PM

මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා.

:       0       0

Bandara Tuesday, 15 March 2022 10:49 PM

හොරු මාරුවෙන්නද යන්නේ? මේපාර රටත් නැතිවෙන පාටයි.

:       1       0

කිරි පුතා Wednesday, 16 March 2022 01:37 AM

පව් පුතානෝ රැවටිලා

:       4       17

Bamunuarachchi Wednesday, 16 March 2022 08:07 AM

පිස්සු නටන්නේ නැතුව ඉන්න හලෝ රාජපක්ෂලා ගෙදර යවලා ඊළඟට පත් කොරන්නේ කාවද? නිකමට නමක් කියනවා. නොදන්නා සුරදුතියට වඩා දන්නා යක හොඳයි හලෝ. ජෙප්පන්ට දුන්නොත් රීරි යකාට දුන්න වගේ හිටී. ඔය සෙනග අපි 2020 චන්ද කාලෙත් දැක්කා.

:       21       15

ud wathu Wednesday, 16 March 2022 08:11 AM

අනේ ගොන් පුතානෝ .ඔයා හිටියත් ඕකම තමයි වෙන්නේ .රට වහලා පිනට කාලා පින් පඩි අරන් දැන් ඒවාට හැමෝටම ගෙවන්න වෙලා.මුළු ලෝකෙම එක වගේ .ලංකාවේ දේශපාලුවෝ නිසා තමයි විනාශය වැඩ.ඒකට ඔයත් අයිතියි .ගොන් පුතානෝ

:       4       21

Jagath Wednesday, 16 March 2022 08:51 AM

මේ ආණ්ඩුව ගෙදර අරින තුරු පුළුවන් තරං උද්ඝෝෂණය කරන්න.හැබැයි ඉතිං රාජපක්ෂලායි ඔයගොල්ලොයි අතරේ ලොකු වෙනසක් නෑ.පැහැදිලිවම අපගේ අවසාන තීරණය සමගි ජන බලවේගයවත්,යූඇන්පීවත් විමල් වීරවංශලාවත් නොවේ.

:       3       21

RR Wednesday, 16 March 2022 09:56 AM

කොහොම උඩ පැන්නත් මේ ලංකාවේ ඔයා ජනාධිපති වන්නේ නෑ.. ඒ වෙන කෙනෙක්..

:       6       25

යාපා Wednesday, 16 March 2022 10:33 AM

අනේ විහිලු කරන්න එපා ඔහේ හිටියනම් අද ලංකාවෙන් භාගයක් මැරිලා

:       4       23

පිටිගල මිලානෝ Wednesday, 16 March 2022 11:32 AM

පුතාණෝ...! ඕක ෆොන්සේකා මහත්තයාට බාරදීලා පිටිපස්සට වෙන්න. නැත්නම් පැමිණි මේ හොඳ අවස්ථාව රටටම අහිමි වෙනවා...

:       5       9

Pradeep Kumara Wednesday, 16 March 2022 11:36 AM

රාජපක්ෂ විරෝධීන් සියල්ලම ඔබගේ පාක්ෂිකයින් කියලා නම් හිතන්නේ ඒක ඔබ කරගන්නා විශාල වරදක් මහත්තයෝ... ඔය කවුරු කවුරු ගැනත් ජනතාව හොඳට දන්නවා, ඇම්බැට්ටයින් හැර.

:       3       6

fairoos Wednesday, 16 March 2022 12:34 PM

කර්මෙ කියන්නේ උඩ අදහස් ලියන බයියන් ලංකාවේ ඉන්න එකයි.

:       3       4

කොරලගෙWednesday, 16 March 2022 01:41 PM

මේ ඔක්කෝටම ඕනෑ හොරුන් බලයට ගේන්න.. රටට හෙන ගැහුවත් කමක් නැහැ. සජිත් විපක්ෂනායකතුමා මහජන ප්‍රාසාදයෙන් ඡන්ද ලක්ෂ 55ක් දිනූ නිසා රට බාර ගන්න ඉන්නේ එතුමාම පමණයි.

:       3       1

sugath Wednesday, 16 March 2022 01:50 PM

"මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව අපට තෙල් ලබාදීමට පොරොන්දු වෙලා තියෙනවා". මේවා හඳෙන් හාල් ගෙන ඒම, හාල් සේරු දෙකක් නොමිලේ දීම, ඇට වර්ග අටක් නොමිලේ දීම වැනි දේශපාලකයින් රටේ මිනිසුන් ගොනාට ඇන්දවීම සඳහා කියන ලද වගන්තියක් පමණයි. නමුත් පුදුමය නම් මේවට රැවටෙන මිනිසුන් තවමත් ලංකාවේ සිටීමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 132 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site