(හර්ෂණ තුෂාර සිල්වා)
කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමි ව ඇත.
මෙලෙස සම්මාන ලබා ඇත්තේ සිංගප්පූරුවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයකු වන 35 හැවිරිදි අමිල චින්තන මහතා ය.
අමිල චින්තන මහතා සිංගප්පූරුවේ බෙදාහැරීමේ සේවා සපයන සමාගමක් පවත්වාගෙන යයි.
සමුරායි කඩුවත් අතින් පුද්ගලයකු මෙලෙස මාර්ගයේ වීදිවල හැසිරී තිබෙන අතර ඔහු අමිල චින්තන මහතාට ද කඩු පහර එල්ල කර තිබේ.
එම ප්‍රහාරවලින් චින්තන මහතාට කැපුම් තුවාල සිදු ව තිබේ.
කෙසේ නමුත් කඩුව අතින් පුද්ගලයා බිම දමා ඔහු පාලනය කරගැනීමට චින්තන මහතා සමත්ව ඇත.
සිංගප්පූරු පොලිසිය එදිනෙදා ජීවිතයේ දී, මහජනතාව වෙනුවෙන් වීරත්වය පළ කරමින් මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සිවිල් වැසියන් අගය කරමින් සම්මාන ලබාදීමක් සිදු කරයි.
මෙසේ මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙමින් කඩුව අතැතිව මාර්ගවල ගමන් කර ඇත්තේ 37 හැවිරිදි සිංගප්පූරු ජාතිකයකු වන ෆාදීල් යූසුෆ් නමැති පුද්ගලයෙකි.
ඔහු නිවසින් පිට වීමට පෙර යම්කිසි ඖෂධයක් හෝ මත්වන ද්‍රව්‍යක් හෝ පානය කර ඇතැයි ද අමිල චින්තන මහතාට කඩු ප්‍රහාර එල්ල කිරීමට පෙර වාහන කිහිපයකට අලාභහානී කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.
(සිංගප්පූරු මාධ්‍ය ඇසුරිනි)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කඩුවක් අරන් යකා නටද්දී සිංගප්පූරු ජාතිකයා මෙල්ල කරලා
Darmaa Tuesday, 15 March 2022 09:02 PM
සුපිරි... එල පොරක්. අපේ රටට එහෙම හරි පොඩි මෙව්වා එකක් ගෙනාවා...! නියමයි...
SUNIL MILANO Tuesday, 15 March 2022 09:05 PM
සිංහලේ කියන්නේ කට කහනවටද? මේ අභීත අමිලට අපේ උපහාරය පුදකරමි..
Pradeep Kumara Tuesday, 15 March 2022 10:25 PM
අපේ රටෙත් ඉන්නවා. කඩුවක් ගත්තේ නැතත් ඔය වගේ හැසිරෙන ජනතාවගේ රීරි මාංසෙම හූරා කන සෙට් එකක්.., අනේ මලේ ඒ ටිකත් මෙල්ල කරලා දෙන්නකෝ...
කිරි පුතා Wednesday, 16 March 2022 01:35 AM
සැබෑම වීරයෙක්. හෙළයට අභිමානය ක්.
sharm warn Wednesday, 16 March 2022 12:16 PM
සිංගප්පූරුව ලංකාවේ මිනිස්සුන්ට ගරුකරනවා ගොඩක් හේතූන් මත.. මේකත් ඒකට දායක වේවි. ඔබට සුබ පැතුම් සහෝදරයා...
සී.යු.එරත්නගේ Wednesday, 16 March 2022 01:13 PM
සිංගප්පූරුවේ ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතුකළ වීර සිංහලයාට අපගේ උත්තමාචාරය...! ඔබ අපට ආඩම්බරයකි, මැණිකකි. ඔබට සදාජය ප්‍රාර්ථනා කරමි.