‘‘අපේ යෝජනා ක්‍රියාත්මක කළා නම් ජනතාවට කැප කිරීම් කරන්න අවශ්‍ය නෑ‘‘ කොරෝනා වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විසිඑක් වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කළා නම් ’’කැපකිරීම් කරන්න ලැහැස්ති වන්නැයි’’ ජනතාවට කීමට ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් සිදු නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. 22 August 2021
මහනුවර පෙරහරට ආ කලාකරුවන් 45කට කොරෝනා මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනකුට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි . 22 August 2021
රාජ්‍ය දේපළ අවභාවිතා කළ වයඹ පිරිසට ස්ථාන මාරු රාජකාරි වේලාවේදී නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපල අවභාවිතා කරමින් මත්පැන් සාදයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා ඇතුළු පිරිසකට විමර්ශන කටයුතු අවසන් වන තෙක් ස්ථාන මාරු ලබා දී ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යලය කියි. 22 August 2021
කහ කිලෝ 235 පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 235 ක් සහ වියලි කහ ප්‍රවාහනය කිරීමට යොදාගත් කරත්තයක් මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේදී අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 22 August 2021
සියලු ආර්ථික මධ්‍යස්ථාන 24,25 විවෘත කිරීමට අවසර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා ලබන 24 සහ 25 දෙදින විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය. 22 August 2021
ජංගම වෙළදාම එන්නත්කරණය වූ වෙළදුන්ට පමණයි කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (22) පැවසීය . 22 August 2021
බේරුවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දහයකට කොරෝනා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයන් දසදෙනකු ද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි . 22 August 2021
තෙවන එන්නතක් දෙන්න සැලසුම් ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 22 August 2021
තබ්බෝවේ පැල ගැලවූ හතක් මාට්ටු තබ්බෝව අභය භුමියට අයත් 12 කනුව ප්‍රදේශයේ ඇල මාර්ගයකින් ස්භාවික ශාඛ නීති විරෝධි අයුරුන් ගලවමින් සිටි සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය පවසයි. 22 August 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 August 2021
‘‘දින දහයේ නිරෝධායන ඇඳිරිය අපතේ යවන්න එපා‘‘ අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවෙස්වලින් පිටතට නොයන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කරයි. 22 August 2021
නිරෝධායනය කැඩූ 452ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 452 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 August 2021
‘‘පාස්කු ප්‍රහාරයේ පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් තියෙනවා‘‘ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා නොපෙනෙන පැත්තක් ඇති බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (21) පැවසූහ. 21 August 2021
අද දින ආසාදිතයන් 3844ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,090 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3,884 කි. 21 August 2021
කොරෝනා මරණ 198 කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 August 2021
‘‘රට වසා වැඩිදුර යන්න බෑ‘‘ රට අගුලු දැමීම කෙටිකර ගැනීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 21 August 2021
කොරෝනා මර්දනයට පාකිස්තානයෙන් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ මර්දනය වැඩසටහනට සහයෝගය දක්වමින් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ තොගයක් ප්රදානය කළේය. 21 August 2021
‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. 21 August 2021
රජයේ සේවක වැටුප් කැපීමට රජය තීරණයක් ගෙන නැහැ රජයේ සේවකයන්ගේ වැටුප් වලින් අඩක් ගැනීමට තීරණය කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 21 August 2021
ආනන්ද පාලිත අත්අඩංගුවට රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (21) පස්වරුවේ සිය බාරයට ගත්තේය. 21 August 2021
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට කොරෝනා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එච්.එම් සෝමරත්න මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. 21 August 2021
කොළඹ - බදුල්ල මාර්ගයට ගල් පෙරළෙයි පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද දහවල් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ග හල්දුම්මුල්ල නගරය ආසන්නයට ගල් පර්වත ඇද වැටුණු කිසිදු අනතුරක් සිදුව නොමැත. 21 August 2021
යුද හමුදාව ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයේ කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 20 වයස අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ගෙයින්ගෙට ගොස් එන්නත්කරණය අද දින සිදු කළේය. 21 August 2021
කොවිඩ් පාලනයට උපරිම සහාය දෙන්න නිරෝධායන ඇඳිරිනීතිය පනවා කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා උපරිම සහයෝගය ලබා දෙන්නැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කරයි. 21 August 2021
ඇඳිරිය අස්සෙ අවසර ලැබෙන සේවාවන් ගැන සෞඛ්‍යයෙන් නිවේදනයක් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය. 21 August 2021
පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා කලු කොඩි ඔසවයි පාස්කු ප්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වූ අද (21) දිනයේදී කතෝලික සභාව මගින් නිහඬ කළු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 21 August 2021
ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. 21 August 2021
ජීවනෝපාය අහිමි වන අයට 2000ක දීමනාවක් රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය. 21 August 2021
ඇඳිරි නීතිය මැද ගුවන් මෙහෙයුම් අඛණ්ඩවම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී ගුවන්තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් සේවා අමාත්‍යවරයාට උපදෙස්දී ඇත. 21 August 2021
ඖෂධ හැටකට උපරිම සිල්ලර මිලක්: ඇමතිවරයාගෙන් නව ගැසට්ටුවක් ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 21 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026