( ටෝනි කරුණානායක )
"කළු පාට රෙදි කැබිලිවලින් මුහුණ වසාගත් නිල ඇඳුමෙන් සැරසී සිටිය යුද හමුදා නිලධාරීන් පොලු වලින් පහර දුන්නා" යැයි පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදු කළ උද්ඝෝෂණයට යුද හමුදාව පහර දී වෙඩි තබා තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගයේදි සාක්ෂි දෙමින් ජයවර්ධන පෙරේරා නැමති සාක්ෂිකරු පැවසීය .
මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාගේ සභාපතිත්වයෙන් නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගම්පහ මහාධිකරණයේදී මෙම නඩුව නැවත විභාගයට ගැනුණි .
පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී 2013 වර්ෂයේ අගෝස්තු මස පළවෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකළ උද්ඝෝෂණයේ දී උද්ඝෝෂණකරුවන් ට වෙඩි තබා සහ පහරදී තිදෙනෙකු ඝාතනය කිරීම , මිනී මැරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 94 ක් යටතේ යුදහමුදාවෙ හිටපු බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, හිටපු මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන,හිටපු සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ එම් තිලකරත්න යන විත්තිකරුවන් සිවු දෙනාට විරුද්ධව නීතිපති විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා අණු හතරක් ගොනුකර තිබේ .
ජයේ අධිනීතිඥ වරයාගේ සාක්ෂි මෙහෙය වීම මත මෙහිදී ඩී.ජි. ජයවර්ධන පෙරේරා යන සාක්ෂිකරු මෙසේ ද පැවසීය.
මම 2013 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් වැලිවේරිය කාර්යාලයේ සේවය කරනවා . 2013 වර්ෂයේ අගෝස්තු මස 01 වෙනිදා මා සේවයට වාර්තා කලා. එදින පැවරී තිබූ නඩත්තු කටයුතු සඳහා මා තවත් කීපදෙනකු සමඟ ත්‍රීවිල් රථයෙන් එම රාජකාරි සඳහා කාර්යාලයෙන් පිටත්ව ගියා .
දිවා ආහාරය ගැනීම සඳහා නැවත කාර්යාලයට පැමිණියා . ටෙලිකොම් ආයතනය තියෙන්නේ වැලිවේරිය නගරයේ . අපි ත්‍රීවිල් රථයෙන් කාර්යාලයට එන විට නගරයේ කලබල ගතියක් තිබුණා . වතුර ප්‍රශ්නයක් මුල් කරගෙන ගම්වල ජනතාව නගරයට පැමිණ සිටින බවට ආරංචි වුණා . දිවා ආහාරයෙන් පසු අපිට නඩත්තු කටයුතු සඳහා පිටත්ව යාමට නොහැකි ලෙස පාර අවහිර වී තිබුණා . අපි කාර්යාලය ඇතුලේ ඉන්නකොට පාර පැත්තෙන් කෑගසනවා හිතුනා . වෙඩි හඬත් ඇසුණා . ආයතනයේ ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවට ඉබි යතුරු දමා තිබුණා .
මම ත්‍රීවිල් රථයේ ඉදගෙන සිටින විට හමුදා නිලධාරින් ගේට්ටුවට උඩින් පැනලා අප කාර්යාලයට පැමිනෙන අයුරු මා දුටුවා . මේ ඉන්නේ එකෙක් කියා මාව ත්‍රීවිල් රථයෙන් එළියට ඇදලා දැම්මා .මම ඒ හමුදා නිලධාරීන්ට කිව්වා මම උද්ඝෝෂණයට ගියේ නෑ අපි මේකෙ සේවකයෝ කියලා . ටෙලිකොම් එකෙන් නිකුත් කර තිබූ හදුනුම්පත පවා පෙන්නුවා. හැඳුනුම්පත බැලුවා. හමුදා නිලධාරීන් ඒ කිසිවක් ගණනකට ගත්තේ නැහැ .
පොලූ පහර දිදී බිම දාගෙන පෑගුවා . පොලුවලින් ඔළුවටමයි ගැහුවේ. කාර්යාලෙ ඇතුලෙ හිටිය අනිත් අයටත් පොලු වලින් ගැහුවා . මගේ ඔළුව පැළිලා ලේ ගලන්න පටන් ගත්තා . කළු පාට රෙදි කෑලි වලින් මුහුණ වසාගත් නිල ඇඳුමින් සිටි යුධ හමුදා නිලධාරින් තමයි පහර දුන්නේ.
පොලිසියට ගිහින් බෙහෙත් දාගන්න කියලා හමුදා නිලධාරීන් අපිට කිව්වා . අපේ කාර්යාලයේ සිට මීටර් 600ක් පමණ දුරින් පොලිසිය තියෙන්නෙ . මම තුවාල වුණ අනිත් අය සමඟ වැලිවේරිය පොලිසියට ගියා . පොලිස් නිලධාරීන් ගිලන් රථයක් වැලිවේරිය පොලිසිය ට ගෙන්වා අපිව රාගම රෝහලට පිටත් කර හැරියා හමුදා නිලධාරීන් පහරදීම හේතුවෙන් මට ශල්‍යකර්ම දෙකක් සිදුකලා. තවමත් කන් කැක්කුම එනවා යැයි පැවසීය .
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දෙපලක් සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න ඇසීය. තවත් සාක්ෂි කරුවන් පස්දෙනෙකු සාක්ෂි දෙනු ලැබීය . නඩුව තවදුරටත් විභාග වේ .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘කළු රෙදි වලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නා‘
Bamunuarachchi Friday, 18 March 2022 10:14 AM
පෙලපාලි යනවා, වෙඩි තියනවා පෙන්වන ෆොටෝ තිබෙනවා. කළු රෙදිවලින් මුහුණ වැසූ නිලධාරීන් පොලුවලින් පහර දුන්නු ෆොටෝ නැත්තේ මොකද?