(යොහාන් භාසුර)
නිවාස සහ ආයතන රැසක සවිකර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇති බවත් එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම සහ ප්‍රමාද කිරීම පිළිබඳව කඩිනම් වාර්තාවක් දෙන ලෙස බලධාරීන්ට විදුලිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කළ බවත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම විදුලිය ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කී අමාත්‍යවරයා හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට සවිකළ සූර්ය බලශක්ති පැනල ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට ද මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සූර්ය පැනල ජාතික විදුබල පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් ඉල්ලයි
susantha Thursday, 17 March 2022 01:22 PM
මණ්ඩලේ ලොක්කන්ට ඕනෑ කොහොමහරි විදුලි අර්බුදයක් හදලා හදිසි මිලදී ගැනීම්වලට යන්න. ඒවායින් කොමිස් කන්න. ඉතින් සූර්ය පැනලවලට ඉඩ දෙන්නේ නැහැ. ඒවා සවිකරන්න කැමැති ගෙවල් වලට ඒවට පුළුවන් තරම් අකුල් හෙලනවා.
අගුපිලගේ Thursday, 17 March 2022 01:42 PM
මෙහෙම ප්‍රමාද කරන්නේ කවුද කියලා නම් නැතුව හෝ තනතුරු ප්‍රසිද්ධ කරන්න... ඇමැතිවරයාට පවා ප්‍රමාද කරන්න ශක්තිමත් පිරිසක් ඉන්නවා කියලා පේනවා. ඔවුන්ගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වා අහෝසි කළ යුතුයි..
මුදියන්සේ.... Thursday, 17 March 2022 01:54 PM
සූර්ය පැනල මගින් නිපදවන විදුලිය ලබා ගැනීම සිදු කළහොත්, පෞද්ගලික විදුලි බලාගාරවලින් හදිසි අවශ්‍යතාවයන් බව පෙන්වා දෙමින් විදුලිය ගැනීමට නොහැකි වේවි නේද? මෙවන් මාෆියා කාරයින් වෙනුවෙන් තමයි හිට්ලර් පාලනයක් අවශ්‍යතාවයක් පවතින බව කියන්නේ. (මෙපමණ හිරු එළිය පවතින රටක සූර්ය පැනල මගින් විදුලිය නොගැනීම මහත් පාප කර්මයකි. " මරණින් පසු කොයි ලොව යන්නේ " කියා තමයි කියන්න වෙන්නේ...
C.K.Lankaputhra Thursday, 17 March 2022 02:35 PM
සභාපතිතුමා, නොදන්න දේවල් හොයා ගත්තාම විදුලිය විසන්ධි කිරීම නවතීද? මහත්තයෝ, ඔබතුමාලා දුන්න හුරේ පාරට ඔද වැඩිලා ලොක්කා වැඩ අනාගත්තා. දැන් වැරදි එක එක්කෙනාගේ පිට ගහලා වැරදුනේ කොතැනද කියලා හොයලා වැඩක් නෑ. දැන් අනාගෙන ඉවරයි. ඔය කරන්න හදන්නේ බේබද්දා අන්ධකාරේ නැතිවුණු යතුර, ගව්වක් ඈත තියන ලාම්පු කණුවක් යට හොයනවා වගේ වැඩක්...!
Ras Thursday, 17 March 2022 02:58 PM
රාජගිරියේ ES කෙනෙක් ඉන්නවා. සෝලාර් කම්පැණි ඔක්කොමගෙන් පගාව ගන්නවා. පගාව නැත්තම් ඩිලේ තමයි. බොහෝ තැන්වල ඔහොම තමයි..
Nissanka Thursday, 17 March 2022 04:06 PM
මේ වෙලාවේ වාර්තා හොයන්න.. විකාර කතා කරන්නේ නැතුව එහෙම සම්බන්ධ නොකරපු නිලධාරීන්ව හංගපු ආයුධ පෙන්නන්න එක්ක යනවා. නැත්තන් ජනතාව ඔබලාව ආයුධ පෙන්නන්න එක්ක යයි...
VajiraFriday, 18 March 2022 10:31 AM
නිලධාරින් පිට වරද පටවලා බේරෙන්න බෑ. ඇමැති රොත්තක් පත්කරලා ඉන්නේ ඕවා හොයලා බලන්න...
Lalith M Thursday, 17 March 2022 04:33 PM
CEB ලොක්කන්ට සූර්ය බලය නුසුදුසුයි. අලුතින් සවිකරගන්නවත් අවසර නෑ. කියන්නේ රජයේ නියෝගයක් කියලා...
ධර්ම Thursday, 17 March 2022 04:50 PM
සෝලා කනෙක්ෂන් දෙන්න ඉංජිනේරුවන් කැමැති නෑ පගාව නෑනේ. මිනි හයිඩ්‍රෝ වගේ ඒවායින් ඕනෑ තරම් ජරාව කන්න පුළුවන්... මේ වගේ අය පාලනේ කරන්න බැරි ආණ්ඩුව රටක් පාලනේ කරන්නේ කොහොමද?
Maduranga Thursday, 17 March 2022 06:13 PM
සහතික ඇත්ත... සමහර රජයේ නිලධාරීන්ට මේක ඉක්මණින් ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න උනන්දුවක් නෑ. ජාතික අවශ්‍යතාව තේරුම් කරලා නැතිකම...
fairoosThursday, 17 March 2022 08:01 PM
අනේ මධුරංග මේ එතනෝල් කාරයින්ගේ කතාවත් විශ්වාස කරනවනේ...
ජුණ්ඩප්පුවාFriday, 18 March 2022 08:25 AM
සිරියන් නිවුස් නේද fairoos...? අයි.එස්. පොර මොලේ උඩ වාඩිවෙලා කියන්නේ ඕසෙට...!
Sarath Friday, 18 March 2022 05:48 AM
මහාමාර්ග වැඩ නැතිනිසා අමාරුයි වගේ... 10%ක් අරන් යට ගහමු.
Dilkshani Friday, 18 March 2022 10:04 AM
අපිද? ඔයාට කිව්වේ සෝලා පැනල් සවිකරන්න එපා කියලා... අපි සෝලා හයිකරන්න කිව්වට ඔයාලානේ නෙලුම් පොකුණු කුළුණු ගෙනාවේ.. ඒවට බලය ඕනේ නැද්ද? දැන්වත් ඒ වගේ සූර්ය පැනල හයිකරන්න. ගෙවල්වලට සූර්ය පැනල දෙන්න.. එතකොට පවර්කට් නැතිවෙනවා...
NuwanFriday, 18 March 2022 10:29 AM
එහෙම කළොත් හදිසි මිලදීගැනීම් කරන්න බැහැ. කොමිස් නැති වෙනවා. කීයටවත් මේක කරන්නේ නැහැ.
Sanath Kandy Friday, 18 March 2022 11:12 AM
ගෙවල් කීයක සෝලා පැනල් සවි කරලා තියෙනවාද? ඒවායින් නිපදවෙන මෙගා වොට් ගණන කීයද? අතීසාරෙට අමුඩ ගහලා හරියනවද? මේ අයගේ මොලේ තරම තේරුම් ගන්න පුළුවන්.