IMG-LOGO

ඉසෙඩ් ඩී ඇළෙන් ගොඩ ආ අලි දෙදෙනා යකා නටති

 

(  නිමල් ජයරත්න )

පොලොන්නරුව වැලිකන්ද කාලිංගවිල  ප්‍රදේශයේදී  අද (17 ) අලුයම ඉසෙඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී සිටි අලි දෙදෙනෙකු ගොඩට පැමිණීමත් සමඟ ඉන් එක් අලියෙකු අසළ තිබූ යතුරු පැදියට පහර දී විනාශ කර කාලිංගවිල රක්ෂිතයට පලා ගිය බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළහ.

බීමට ජලය සොයා පැමිණි එම අලි දෙදෙනා වැලිකන්ද මෛත්‍රීගම ප්‍රදේශයෙන්  ඉසෙඩ්. ඩි. ඇළට වැටී අතර වැලිකන්ද වනජීවී නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව එම අලි දෙදෙනා ගොඩගැනීම සඳහා පැය දෙකක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

එක් අලියෙකු ඉසෙඩ්. ඩි. ඇලේ කොන්ක්‍රීට් පඩිපෙළ හරහා ගොඩට විත් කාලිංගවිල රක්ෂිතයට පලා ගිය අතර, අනිත් අලියා ගොඩගැනීමට වනජීවී නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සූදානම් වීමත් සමග තවත් යකඩ පඩිපෙළකින්  අලියා ගොඩටවිත් අසල තිබූ යතුරු පැදියට පහරදී  අලිවැට කඩාගෙන කාලිංගවිල රක්ෂිතයට පලා ගියේය.

වනජීවී නිලධාරීන් පැමිණි කැබ් රථය පිටුපස  එම අලියා ලුහුබැද පන්නන්නට උත්සාහ කිරීමටත් සමඟ අහසට වෙඩි තබා එය මෙල්ල කිරීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර, අනතුරුව අලියා කාලිංගවිල රක්ෂිතයට පලවා  හැරියහ.

මෙම අලි දෙදෙනා ඉසෙඩ්. ඩි.  ඇළට අද අලුයම පහට පමණ වැටී ඇති අතර අලි දෙදෙනාම ගොඩගැනීම සඳහා පැය තුනක  මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

 



අදහස් (1)

ඉසෙඩ් ඩී ඇළෙන් ගොඩ ආ අලි දෙදෙනා යකා නටති

කිරි පුතා Thursday, 17 March 2022 01:45 PM

එයාලාට මළ පැනලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site