IMG-LOGO

දුම්රියෙන් වැටී විදේශිකයෙක් මරුට

(රංජිත් රාජපක්ෂ)                      

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් (32) හැවිරිදි සංචාරකයෙකි.

මෙම ඊජිප්තු ජාතික සංචාරකයා මිට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සදහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදි ඊයේ  (16) පට්ටිපොල දුම්රිය ස්ථානය අසලදි පාපුවරුවෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා විදේශිකයා සමග පැමිණි ඔහුගේ මිතුරන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබාදිම සදහා රැගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊජිප්තු ජාතිකයා මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පට්ටිපොල පොලිසිය පැවසිය.

 

 



අදහස් (0)

දුම්රියෙන් වැටී විදේශිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site