IMG-LOGO

ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට  පළවී ඇති ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

කබ්රාල් මහතා  තමාගේ උපරිම විශ්වාසය  දිනාගෙන සිටින්නකු බවත් ඔහු බොහෝ කටයුතුවලදී තමාට උපරිමයෙන්ම   සහය  වන  බවත්  ජනාධිපතිවරයා සඳහන් කළේ‍ය.

රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය ඔහුට පවතින බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යට පත් නොවී රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා  සිය රාජකාරි කටයුතු දිගටම කරගෙන යන ලෙස කබ්රාල් මහතාට දැනුම් දුන් බවද  කීවේය.

විශේෂ නිවේදනයක්  නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසුවේය.



අදහස් (9)

ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක්

fairoos Thursday, 17 March 2022 02:36 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... තව මදි.

:       0       2

Kumara Thursday, 17 March 2022 04:35 PM

සාටකේ කොච්චර විතර ලොකුද දන්නේ නෑ...?

:       2       12

w.l.leelananda Thursday, 17 March 2022 05:51 PM

ඒක ගොඩක් හොඳ තීරණයක්...

:       10       3

Ruwan Thursday, 17 March 2022 05:52 PM

සහතික ලත් සෝදා පාලුවෝ... ග්‍රීක් බොන්ඩ්ස් මතකනේ...!

:       3       12

පිටිගල මිලානෝ Thursday, 17 March 2022 05:54 PM

මෙතරම් පලපුරුදු වෘත්තිකයින් සිටින රටේ මෙයාට තේරෙන හැටි තමයි. මෙයාට ගැලපෙන්නේ ගෙවතු අලංකාර කිරීම පිළිබඳ රාජ්‍ය ඇමැතිකමයි.

:       3       15

WCA Thursday, 17 March 2022 06:41 PM

ඒවා නම් ඉක්මණට ආරංචි වෙනවා. තෙල්, ගෑස් පෝලිම් ගැන වගේ වගක් නෑ. ඒකෙන්ම තේරෙනවා බොරුව..

:       2       20

Roshan Thursday, 17 March 2022 06:48 PM

යන්න ලං වෙනකොට දොඩවනවා කියන්නේ ඕවාට තමයි. මහ බැංකුවට තියා සිල්ලර කඩේකටවත් සුදුසු නැහැ මේ අය.. තමන්ගේම ව්‍යාපාරය බංකොළොත් කරගත්ත කෙනෙක්... තමන්ගේම ව්‍යාපාරය බලාගන්න බැරිවුණු කෙනෙක්ට මහ බැංකුව දුන්නු කෙනා ඊටත් වැඩිය විකාරයක්...

:       3       17

de silva Friday, 18 March 2022 04:37 PM

මොලේ අවුල් කියන එකට හොඳම උදාහරණයක් මේක..

:       0       1

Yokel Wednesday, 23 March 2022 08:58 AM

කබ්‍රාල්ට සහතික දෙනකොට ග්‍රීක් බැඳුම්කර මගඩිය, ඉ පී එෆ් අරමුදලින් කොටස් වෙළඳපොලේ නාස්ති කරපුවාටත් සහතික දෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site