(ඩයනා උදයංගනී)
වැලි ජාවාරම්කරුවන් විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද ගොඩ වැලි ජාවාරම හේතුවෙන් අම්බලන්තොට වලේවත්ත ගම්මානය ජනතාවට පදිංචිව සිටීමට නොහැකි තරමට විනාශ වී ගොස් ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
සාර්ථක ලෙස පොල් වගා කර තිබු එම ගම්මානයේ වගා කර තිබු පොල්ගස් හා වෙනත් වටිනා ගස් පවා ගැළවී විනාශ වී ගොස් ඇති බවත්, ඇතැම් නිවාස ද විනාශ වී තිබීම නිසා බොහෝ පවුල් එහි ජීවත්වීමට නොහැකිව ගම හැරගොස් ඇති බවත්, වැලි ජාවාරම්කරුවන් විසින් මෙම ගම්මානට පාලු ගමක් බවට පත් කර ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අවුරුදු 10ක, 15ක කාලයක සිට ගොඩවැලි කැණීමෙන් මෙම විනාශය සිදුව ඇතැයි කී ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර එම ගම්මානය පුනරුත්ථාපනය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවරුන් සිවු දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම විමර්ශන කටයුතු සඳහා යොදවනු ලැබ ඇතැයි කී ඇමතිවරයා ඔවුන් මේ වනවිටත් වලේවත්ත ගම්මානයට ගොස් එම විමර්ශණ ආරම්භ කර ඇති බව කීවේය.
එම විමර්ශණවලින් අනතුරුව ඔවුන් විසින් ගම්මානය නැවත පුනරුත්ථාපනයට අවශ්‍ය නිර්දේශ වාර්තාවක් වහා ලබා දෙනු ඇතැයි කී ඇමතිවරයා මේ වනවිට ගොඩවැලි කැණීම් බලපත් නිකුත් කිරීම ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කයන්හි ද ගොඩවැලි කැණීම හේතුවෙන් දැවැන්ත පාරිසරික හානි සිදුවී ඇතැයි කී මහින්ද අමරවීර මහතා ඇතැම් ප්‍රදේශවල ගොඩවැලි කැණීම් හේතුවෙන් කුඹුරු ඉඩම් අඩි 20, 15 වලවල් බවට පත්ව ඇතැයි ද කීවේය.
ඉදිරියේදී ඒ සඳහා නව බලපත් ලබාදීම සිදුකරන්නේ ඉංජිනේරුවන්ගේ හා අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ බවත්, වැලි කැණීම් කටයුතු ද නිරන්තර අධීක්‍ෂණයකට ලක්කරන බවත් ඇමතිවරයා පැවසීය.
එමෙන්ම එම භූමිය නැවත ප්‍රතිසංස්කරණය කරන බවට වන ඇප තැන්පතුවකින් පසුව බලපත්‍ර ලබාදීම සිදුකරන බව ඇමතිවරයා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැලි ජාවාරම්මු අම්බලන්තොට ගමක් වනසති
Kule Thursday, 17 March 2022 08:27 PM
අර විල්පත්තුව පැත්තේ කෙනෙක් ගස් හිටෙව්වා වගේ තියෙයි නේද ආයුබෝවන්...?
Lalith M Thursday, 17 March 2022 09:27 PM
නැවත බලපත්‍ර දෙනවා... මොන විදිහටද මිනිස්සුන්ට විහිළු කරන්නේ...?