IMG-LOGO

රන් මාල කඩන සංවිධානාත්මක කල්ලියක 6ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

යතුරු පැදිවලින් සංවිධානාත්මකව ගොස්  මහමග  ගමන් ගන්නා  කාන්තාවන්ගේ රන් මාල කඩ ගැනීමේ නිරත සැකකරුවන්  තිදෙනකු ඇතුලු   හය දෙනකු   රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු  ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින්  තිදෙනකු කාන්තාවන් බවත්, සැකකරුවන් කොල්ල කෑ රන් මාල  එම සැකකාරිය  විසින් විවිධ ප්‍රදේශ වෙත අලෙවි කර     මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය  කියයි.

රාගම    පොල්හේන    ප්‍රදේශයේ  සැකකටයුතු යතුරු පැදියක්  නවතා පරීක්ෂා කිරීමේ දී ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී  මෙම රන්මාල කොල්ල කෑම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කරගත් බව පොලිසිය කියයි.

මෙම කණ්ඩායම ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව මෙම කල්ලියට සම්බන්ධසැකකරුවන්  දෙදෙනකු   අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සොරබඩු  අලෙවි කිරීම සම්බන්ධයෙන් සෙසු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන්  රාගම,  කඳාන,  ජා ඇල, බටුවත්ත,  යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මොවුන්      රාගම, වත්තල,   ජා ඇල,    යන පොලිස් වසම් වල සිදුව ඇති රන් මාල කොල්ල කෑම් 9 ට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය කියයි.

ජීව අත්බෝම්බය   ළග තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුට තවත්  රන් මාල  කැඩීමේ සිද්ධීන්  15 ක් සම්බන්ධයෙන්  මහර,  ගම්පහ,   වැලිසර,   හා මීගමුව යන අධිකරණ වල නඩු  විභාග වන බවද  පොලිසිය සදහන් කරයි.



අදහස් (5)

රන් මාල කඩන සංවිධානාත්මක කල්ලියක 6ක් අත්අඩංගුවට

siri Thursday, 17 March 2022 05:42 PM

වරාය පරිශ්‍රයේද?

:       2       23

Rocky Thursday, 17 March 2022 05:55 PM

කල්ලියේ නායකයා කලුතර පැත්තේ කෙනෙක්දැයි සොයාබලන්න...!

:       2       26

Roshan Thursday, 17 March 2022 06:42 PM

ඔය කල්ලියේ නායකයා ඉන්නේ පානදුරේ පිංවත්තේ... සමහර වෙලාවට දියවන්නාවට ගියත් අල්ලා ගන්න පුළුවන්...

:       2       25

Bandara Thursday, 17 March 2022 10:40 PM

ඔය කණ්ඩායමේ නායකයා ඉස්සර දුම්රියේ මාල කඩපු කෙනෙක්ද?

:       1       0

Hafeel Friday, 18 March 2022 09:39 AM

මේ වැඩේ කෝච්චියේ කළා නම්, ඔවුන් අනාගතයේ මේ රටේ ඇමති මණ්ඩලයේ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site