IMG-LOGO

පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අරඹයි

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අද (17) ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුව නෞකා දෙකෙන් ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය ගොඩබෑම ආරම්භ කළ බවත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් සපයන බවත් සභාපතිවරයා කීය.  

රට මුහුණ දී සිටින ඩොලර් හිඟය හේතුවෙන් ලිට්‍රෝ සමාගමේ ණයවර ලිපිය අලුත්ගැනීමට නොහැකිවීමෙන් නෞකා නිදහස්කරගැනීම ප්‍රමාද වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ මුදල් ගෙවීමෙන් පසුව ණය ගැටලුවක් මතු නොවූ බවත්ය.

ලිට්‍රෝ සමාගම විදේශ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේදී අලුත්වන ණයවර ලිපි ක්‍රමයක් අනුගමනය කරන බව කී ජයසිංහ මහතා එය සෙසු ආයතන මෙන් නැවෙන් නැවත මුදල් ගෙවීමේ ක්‍රමයක් නොවන බව ද සඳහන් කළේය.



අදහස් (1)

පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අරඹයි

Sunil Thursday, 17 March 2022 06:21 PM

මෙච්චරකල් නිදන් හිටියද? ඔබත්, ඔබේ නායකයත් දෙදෙනාම එකයි. ජනතාව සති ගණන් අව්වේ සහ වැස්සේ දුක් විඳිනවා. දෙන්නටම කියන්නේ හරියට කරන්න බැරිනම් අස්වෙලා ගෙදර යන්න කියලයි.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site