සෙලෙන්දිවා පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ස්ථාපිත කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් නැමැති සමාගමට රජයට අයත් දේපල පැවරීම හෝ විකීණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සංශෝධිත මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03 ) අවසර ලබා දුන්නේය. 03 December 2021
විදුලිය නැති වුණේ සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා විදුලිය බිඳ වැටීමට හේතුව සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 03 December 2021
සහරාන්ගේ ගෝලයෙක් මාවනැල්ලෙන් අල්ලයි ප්‍රාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන මොහොමඩ් සහරාන් ඇතුලු ඝාතකයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සහ සහරාන්ගේ අන්තවාදි පන්ති වලට සහභාගි වීම සම්බන්ධයෙන් සැකකරුවෙක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 03 December 2021
‘උඩරට මැණිකේ’ සඳුදා යළි ධාවනයේ ‘කොවිඩ්’ වංසගතය හේතුවෙන් අත්හිටුවූ කොළඹ කොටුව සහ බදුල්ල අතර ‘උඩරට මැණිකේ’ සීග්‍රගාමී දුම්රිය ලබන සඳුදා (6 වැනිදා) නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 03 December 2021
‘සහල් ආනයනය කරනවානම් යල අස්වැන්න ගැන හිතන්න‘ පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම අවසන් කර සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම් යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත. 03 December 2021
ලිට්රෝ ගෑස් සැපයුම අත්හිටුවා නෑ ලිට්රෝ ගෑස් සමාගම ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා ‘ලංකාදීප’යට පැවසීය. 03 December 2021
අනතුරුවලට හේතුව ගෑස් සිලින්ඩරය ගෑස් අනතුරු දින කීපයක් තළ අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුව ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් යැයි ගෑස් සිලින්ඩර ආශ්රිත ගිනිගැනීම් හෝ පුපුරුයාම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සේවීමේ ජනාධිපති කමිටුවේ සාමාජික විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය. 03 December 2021
යාපන වෙරළකට ගොඩ ගැසූ සිරුරු දෙකක් හමුවෙයි යාපනය , වඩමාරච්චි ,සක්කෝට්ටෙටි හා මරදන්කේණි ප්‍රදේශයේ වෙරළෙට ගොඩගසා තිබූ තවත් මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් අද (03) ගොඩගසා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 03 December 2021
රංජන්ට උපාධිය හදාරන්න පහසුකම් දෙන්නැයි ඉල්ලීමක් වසරක 4 ක බරපතල සිරදඬුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරමින් සිටින බවත් , එම අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන්නැයි මහතාගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 03 December 2021
ඇමැති බැසිල් ඉන්දීය ඛනිජතෙල් ඇමති හමුවෙයි ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීයාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් කටයුතු පිලිබද අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් මහත්වරුන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 03 December 2021
ඔමික්‍රෝන් ලංකාවට ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන ’’ඔමික්‍රෝන්’’ නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 03 December 2021
සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඩළෙන් බැසයයි මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ නොමැකෙන සලකුණක් තබා ඇති ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය. 03 December 2021
ඉන්සී සිමෙන්ති - හම්බන්තොට වරාය ගිවිසුම්ගත වෙයි ඉන්සී සිමෙන්ති සමාගමේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවට හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ ගිවිසුමකට එළඹිණි. 03 December 2021
රංජන් අධිකරණය හමුවට සිරදඩුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කළ අධිකරණයට අපහාස කරන ලදැයි දෙවැනි පැමිණිල්ල විභාගයට සදහා රාමනායක මහතා අද (3) දින බන්ධනාගාර නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේය. 03 December 2021
ප්‍රතීතන වාර්තා එන තෙක් ගෑස් නොබායි ශ්‍රී ලංකාවට මේ වන විට ළගාවී ඇති ගෑස් නෞකාවට ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් ගොස් සාම්පල රැගෙන පැමිණි බවත් එම පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් කරන තෙක් ගෑස් ගොඩබෑමට අවසර නොලැබෙන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 December 2021
සේරම කුණු යහපාලනයට දාන්න එපා සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 03 December 2021
වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද? මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි. 03 December 2021
ඩොලර් පෙන්නා ලක්ෂ 100ක් ගරලා දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් විකුණමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2021
ලිට්රෝ - ලාෆ් දෙකම නවතී ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම තාවකාලිකව අත්හිටුවූ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 03 December 2021
පළාත් රැසකට අද රෑට තද වැසි සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වල අද (3) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 December 2021
එස්.ටී.එෆ් එකට හොරෙන් වල්ලපට්ට හිඳින්න බැරි වෙයි වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට ශාකවල කොටස් හා උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා කොක්මාදූව කදවුර කියයි. 03 December 2021
යතුරු පැදි දෙකක් ගැටී මහ ගින්නක්: තිදරු පියෙක් මරුට ආණමඩුව - හලාවත මාර්ගයේ සංගට්ටිකුලම ප්‍රදේශයෙ දී යතුරු පැදි දෙකක් ගැටි ගිනි ගැනීමෙන් තිදරු පියකු පිළිස්සී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය පවසයි. 03 December 2021
ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබුණි. 03 December 2021
ජනතාවට පාන් එපා වෙයි පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීම සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ පවසති. 02 December 2021
රටම අඳුරේ තබන දිනය ලංවීම ඉංජිනේරුවෝ කියති බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 02 December 2021
හොර ඔප්පු නඩුවෙන් වාස් නිදහස් මහරගම ප්‍රදේශයේ කෝටි ගණනක වටිනා ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට සහ ඔහුගේ බිරියට එරෙහි නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා අද නියම කළේය. 02 December 2021
‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළියට ගියහොත් ආණ්ඩුවට සරල බහුතරය ද අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 02 December 2021
ගොවීන් සූරාකන පිරිසක් ගැන ඇමැති කියයි ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 02 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 December 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026