රේගුවෙන් පිටවූ හිස් කන්ටේනරයට කුණු අල තොග මගදී පටවලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිඛියදී පසුගිය 17 වැනිදා සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ හතලිස්දාහක් (40,000) ගබඩා කර තිබූ කන්ටේනරය පසුගිය සැප්තැම්බර් මස හිස් කන්ටේනරයක් ලෙස කොළඹ වරායෙන් පිටවූ එකක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.