කිත්සිරි කහටපිටිය දිවියෙන් සමුගනී බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය. 10 January 2022
මෛත්‍රීගෙන් චෝදනා පත්‍රයක් ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්නට බැහැ යැයි කී පොහොට්ටුවේ නායකයන් ජනාධිපතිවරයෙන් පසු, කරපිංචා මෙන් එය භාවිතා කර විසිකර දැමූ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 January 2022
වායු ගෝලය කැළඹෙයි:වැස්ස වැඩි වෙයි දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2022
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත. 10 January 2022
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන ඇති සැකයක් ගැන කියති ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 10 January 2022
නෑනාගේ රන්වලට විද්ද දෙදරු මව මාට්ටු තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන තල්පොත ප්‍රදේශයේ දෙදරු මවක පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 January 2022
ලොව වටා යන ඔමික්‍රෝන් රැල්ල තවත් දැඩි වෙයි ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් පවසයි. 09 January 2022
විපක්ෂ නායක නාගදීපය වැඳපුදා ගනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් අද ආගමික වතාවත් වෙනුවෙන් සහභාගී විය. 09 January 2022
ගාමිණි අම්බලන්ගොඩ දිවි රඟමඬලෙන් බැසයයි ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය. 09 January 2022
ඖෂධ හිඟයක් නැහැ:ගබඩා කරගන්න එපා රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි . 09 January 2022
ලෝකල් ‘‘එල්විස් ප්‍රෙස්ලි‘‘ සමුගනී ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත විය. 09 January 2022
කොරෝනා මරණ ප්‍රමාණය පහළට කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 January 2022
කහටගහ පතලේ සේවකයන්ට තහංචියක් කහටගහ පතලේ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සේවකයනට පතල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් එහි ප්‍රධාන ගේට්ටු ඉබි යතුරු යොදා වසාදැමීමට පාලනාධිකාරිය කටයුතු කිරීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 09 January 2022
සිමෙන්ති හිඟයෙන් ඉදිකිරීම්වලටත් බාධා වෙළෙඳපොළේ පවතින අධික සිමෙන්ති හිඟය නිසා ඉදිකිරීම් වැඩ බිම්වලින් සියයට 50ක පමණ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි ඉදිකිරීම් සමාගම් පවසයි. 09 January 2022
ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි? ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 09 January 2022
දිනපතා විදුලිය කපන්න ලංවීමට අවසර දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 09 January 2022
එස්.ටි.එෆ්. පළමු ඒ.එස්.පී.වරිය පත් වෙයි පොලිස් විශේෂ කාර්යය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටි.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවසයි. 09 January 2022
‘‘ආණ්ඩුව බේරන්න මුක්කු ගහන්න එජාප නායකත්වය සූදානනම් නෑ‘‘ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊට නායකත්වය දීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නමුත් රටේ මතුව තිබෙන ප්‍රශ්න වලින් වත්මන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා මුක්කු ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 09 January 2022
කොළඹ සිට කන්කසන්තුරේට සැප දුම්රියක් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද(09) සිට ආරම්භ කෙරෙණි. 09 January 2022
බදුල්ල දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ බඩු දුම්රිය හාලිඇලදී අද (9) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ඉදිරි දුම්රිය ප්‍රමාද වියහැකි බවත් දුම්රිය සාමන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 09 January 2022
ලෝක වෙළෙඳපොලේ රන් මිල යළි පහළට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 20 කින් පමණ පහළ බැස ඇති බවත් මෙම මිල මාස දෙකකට ආසන්න කාලයකදී වාර්තා වූ අඩුම මිල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 09 January 2022
ගිනිකූරු පැක් කරද්දී ගේ ගිනි අරගෙන මාතලේ උකුවෙලවත්ත නාගොල්ල ප්‍ර දේශයේ ගිනි කූරු ඇසුරුම් කරන නිවසක අද (9) දා අලුයම ඇතිවු ගින්නකින් නිවසට විශාල හානියක් සිදුව ඇති බව පොලීසිය කියයි. 09 January 2022
අපේ තේවත්තට විදේශිකයෝ වශී වෙති කොරෝනා ව්‍යාසනයෙන් පසු සංචාර සඳහා මෙරටට පැමිණෙන විදේශිකයෝ විශාල වශයෙන් පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව නැරැඹීමට පුරුදුව සිටිති. 09 January 2022
වැඩබලන ඕ.අයි.සී වෙලට බැස දැවැන්ත පිඹුරා අල්ලයි වලපනේ කූඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු ඊයේ (08) සවස අල්ලා ගැනිමට වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත් වු බව වලපනේ පොලිසිය පවසයි. 09 January 2022
වෙරළෙන් ට්‍රැක්ටරයක් මතු වෙයි මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මුහුදු වෙරළේ වළ දමා තිබු ට්‍රෑක්ටර් රථයක් මුහුදු ඛාදනයත් සමග උඩට මතුව ඇතැයි ආරක්ෂක අංශ කියයි. 09 January 2022
වැඩි මිලට පොහොර විකුණන්න ගිය ගොවියා ගස් බඳී වැඩි මිලට පොහොර අලෙවි කිරීමට ගිය ගොවි මහතකු ගස් බැද ආපසු මුදල් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් අනුරාධපුර පරසන්ගස්වැව පොලිසියෙන් වාර්තා වෙයි. 09 January 2022
කෝටි දෙකක මල් පානදුරෙන් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් වැන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොතුපිටියේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 09 January 2022
කොවිඩ් ආසාදිතයන් 580 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 580 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 January 2022
මරණ සමිති සභාපතිට කනේ පහරක් දුන් ප්‍රා. ලොක්කා කවුද අවමගුල් උත්සවයක කළ ගුණ කථනයකට උරණවූ වලල්ලාවිට ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනඥයකු අමානුෂික ලෙස පහර දුන්නැයි මරණාධාර සමතියේ සභාපතිවරයා පැමිණිල්ලක් කර ඇත. 08 January 2022
චීන විදේශ ඇමැති දිවයිනට චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා දෙදින නිල සංචාරයක් සදහා අද රාත්‍රීයේ මෙරට්ට පැමිණියේය. 08 January 2022
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026