බත් - කොත්තුවේ මිලත් ඉහළට ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. 19 April 2022
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වය මත පාර්ලිමේන්තුවේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 10 කට කල් තබනු ලැබීය. 19 April 2022
225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය. 19 April 2022
රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු දැකගත හැකිවිය. 19 April 2022
පිටි කිලෝවක් 40කින් ඉහළට ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. 19 April 2022
’’ගෝටා ගෝ හෝම්’’ මැතිසබයටත් එයි ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගෝටා ගෝ හෝම් යනුවෙන් සඳහන් විරෝධතා පාඨයක් සඳහන් කළ පටියක් හිස්වල සහ අත්වල පටියක් පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමෙන් එහි උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය. 19 April 2022
’’ජනතාව විශ්වාසය දිනාගත් නව පාලනයක් අවශ්‍යයි’’ ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩුව හදාගත්තත් මේ පාලනය කෙරෙහි ජනතාව විශ්වාස කරන්නේ නැතැයි ද ජනතාව විශ්වාස කරන්නේ නැති පාලකයෙකුට මේ අර්බුදයෙන් ගොඩ එන්න නොහැකි නිසා ජනතාව විශ්වාස කරන නව පාලනයක් අවශ්‍ය බවද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:-(ජාජබ)පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 April 2022
’’තරුණ තරුණියන්ගේ හඬට කන් දෙන්න’’ අතීතයේ මෙන් කැරලි ගහන්නේ නැතිව ව්‍යවස්ථාවෙන් විසඳුමක් ඉල්ලන තරුණ තරුණියන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 April 2022
‘‘විපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ‘‘ හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වුණේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙි යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 April 2022
’’විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න’’ 20 අහෝසි කර 19 ගෙනාවට සෑහීමකට පත් වන්නේ නැතැයි ද අනිවාර්යෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 April 2022
’’තව වැඩි කලක් පෝලිම්වල තබන් නෑ’’ පැය 24න් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 April 2022
ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ. 19 April 2022
ආර්ථිකය පාලනයට මුදල් අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග අගයයි ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පාලනය කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයිය හැකියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. 19 April 2022
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2022
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 19 April 2022
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි:හතක් දිවි ඇති තෙක් හිරේ පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිනි. 18 April 2022
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 1.7 ක ලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 April 2022
රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි. 18 April 2022
මාධ්‍යවේදීහුත් විරෝධතාවයේ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් අද (18) පස්වරුවේ විරෝධාතාවක් පැවැත්වූහ. 18 April 2022
ගෝල් ෆේස් අරගලයට ආ කතක් රෝගී වී රෝහලට ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහභාගි වෙමින් සිටි කාන්තාවක් අද (18) පස්වරුවේ හදිසියේ රෝගීවීම හේතුවෙන් ඇය රෝහල්ගතකිරීමට එම ස්ථානයේ ස්ථාපිත වෛද්‍ය මධ්‍යස්ථානය පියවර ගත්තේය. 18 April 2022
ව්‍යවස්ථා සංශෝධනයකට අගමැතිගෙන් යෝජනාවක් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. 18 April 2022
අලුත් අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද මල්ලෙ පොල්” නව අමාත්‍ය මණ්ඩලය “යන්නෙ කොහෙද, මල්ලෙ පොල්” වැනි පිළිතුරක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 18 April 2022
මුහුණු ආවරණ නීතිය ලිහිල් වෙයි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ ඒකරාශීවීම්වලදී හැර සෙසු ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 18 April 2022
දහ නවයට ජීවය දෙන්න පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයක් දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගනිමින් ව්‍යවස්ථා කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂවලට අවස්ථාව ලබාදී පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වයට පැමිණි බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 18 April 2022
හෙට - අනිද්දා පැය 3 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (19 සහ 20) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (18) පස්වරුවේ පැවසීය. 18 April 2022
පරිසර පුටුවේ දිවුරුම් දුන්නාට නසීර් අහමඩ් ට විනය ක්‍රියාමාර්ග පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා පක්ෂ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි. 18 April 2022
ගීතා ඇතුළු 24 ක් රාජ්‍ය ඇමැති පුටුවේ දිවුරුම් දෙති නව රාජ්‍ය ඇමැතිවරැන් 24 දෙනෙක් අද සවස (18) ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුන්හ. 18 April 2022
ස්වාධීනව සිටි මන්ත්‍රී රාඝවන්ට රාජ්‍ය අමාත්‍යධූරයක් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී ඇත. 18 April 2022
ජගත් සම්මානනීය නළු හිරාන් අරගලයට සහාය දෙන්න ගෝල් ෆේස් එයි තරුණයන්ගේ ජන අරගලයට සහභාගීවීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව , සම්මානනීය නළු හිරාන් අබේසේකර මහතා අද (18) දින කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවසීය . 18 April 2022
ප්‍රියන්ත ඝාතනයේ නඩු තීන්දුව අද පකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු වූ ශ්‍රී ලංකා ජාතික ප්‍රියන්ත කුමාර මහතාගේ මිනීමැරුම් නඩුවේ තීන්දුව අද(18) ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 18 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026