
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය.
ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධූරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායක් ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එන්.ආර්. ළමාහේවාගේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමුවූහ.
සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් ගුණරත්න 2019 ඡන්දෙට කලින් කියපු වදන් රඟපු රැඟුම් මතක් වෙනවා මහත්තයෝ.
අර කට්ටිය ආයෙත් කඩා පැනලා මේ සමරු තිළිණ ටිකත් උස්සන් යාවිද? එසේ නොවන විදිහට රට පාලනය කිරීම වික්‍රමසිංහ මැතිතුමාගේ වගකීමක්...
ඇයි මේගොල්ලන්වත් කුලියට ගන්නද හදන්නේ .එල් ටී ටී ඊ ත්‍රස්තයින්ග් කකුල් හෝදන්න
එන එන එකාට සැලියුට් ගහ ගහ ෆොටෝ අරන් ඉදපල්ලා එතකොට ඔක්කොම හරි
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් මත ක්‍රියාත්මක වන්නා වූ රටවල ජනාධිපති සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවීම් දේශපාලන අධිකාරිය සහ ආරක්ෂක අංශ අතර සුහදත්වය ප්‍රකාශ කිරීමකි. ජනාධිපතිවරයාට ලෙජන්ඩරි වටිනාකමකින් යුත් සමරු තිළිණද ලැබී තිබේ..!
මෙයාට අත්‍යාවශ්‍යම සගයින් ටික... ටී56 න්ම රට පාලනය කරන්නයි කල්පනාව...
ඔය පැන්ෂන්කාර ජනරාල්ලා හැර තරුණ ක්‍රියාකාරි ආරක්ෂක කටයුතුවල ප්‍රවීණ පරිපාලන නිලධාරීන් රටේ නැතිද? හරියට මහලු මඩමක උත්සවයක් වගේ...