(මනෝප්රිය ගුණසේකර)
අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්‍රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත.
අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට අමතරව හෂාන් ගුණතිලක නමැත්තාද රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇතැයි වාර්තා වේ.
රජයට එරෙහිව අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලය පසුගිය 18 වැනිදා පැවැත්වු උද්ෂෝණයකදී වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන් ඇතුළු තවත් 16 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16 දෙනා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියම කෙරුණු අතර වසන්ත මුදලිගේ” හෂාන් ගුණතිලක නමැත්තන්ට දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උනන්දුව හොරු අල්ලන්නත් තිබුනා නම්
එහෙම තමයි වෙන්න ඕනෑ. මේ වගේ අය හින්දා රට තවතවත් බංකොළොත් වෙනවා.
මේක හොඳින් ලියලා තියන්න. ඔය කියන දවස් 90 ට කලින් අපි ඔය රනිල් රාජපක්ෂ මිලිටරි ආණ්ඩුව පෙරලනවා. ඔවුන් යනකම් ලංකාවට ශතයක්වත් නොදෙන ලෙස සියලුම රටවල් වලින් සාක්ෂි ඇතිවම ඉල්ලා සිටිනවා. ඒ නැතත් ගෝඨාභයගේ සහ රනිල්ගේ 88-89 පැටිකිරිය ලෝක මානව හිමිකම් ආයතන, ණයදෙන ආයතන සියල්ලෝම දන්නවා. අද සිට දින 90 ක් යන්න කලින් අපි මේ ආණ්ඩුව පෙරලලා, හොරු සියල්ලන්ම නීති මගින් දඬුවම් දීලා , ඔවුන් හොරකම් කරපු මුදල් සියල්ලම ගන්නවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපළ ඔක්කෝම රාජසන්තක කරනවා... කරනවාමයි.. අරගලයට ජයවේවා...!!!
ගොඩක් හොඳයි..!
රාජ්‍ය ත්‍රස්තවාදය සහ මැර බලය දැන් ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා.
මොනවද මෙ ලමෙක්ගෙන් මාස 03 ප්‍රස්න කරන්න තියෙන්නෙ මහබැංකු මංකොල්යක්වත් මෙහෙම ප්‍රස්න කරාද?
අරගලයෙන් අප බලාපොරොත්තු වූ වෙනස මෙයයි, අන් කිසිවක් නොව මේ ආරම්භයක් පමණි. අනාගත අඛණ්ඩ පැවැත්ම පවතී.
මහ බැංකුව කැඩුවඑකගැන, අර්ජුන් මහේන්ද්‍රන් ඉන්න තැන ගැන හෝඩුවාවක් දැනගන්න පුළුවන් වෙයි.
මාසතුනක් නොවෙයි ජීවිත කාලෙම තියා ගත්තත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. රැට්ටලා බට්ටිලාටත් ඒ ටිකම කරන්න. මොවුන් කිසිම රජකට ආණ්ඩුකරන්න දුන්නේ නැහැ දෙන්නේතං නැහැ. ජෙප්පන් හෙවත් ගෝ...යියන්ගේ බළල්අත්.
උත්ගොෂණයේ නිරත උණු කෙනෙක් ව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් යටතේ මාස තුනක් උසාවියට ඉදිරිපත් නොකර තියාගෙන ඉන්න හදනව , ඉදිරියේදී පැවැත්වීමට නියමිත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට ගොඩක් තෑගි ලැබෙයි
වසන්ත මුදලිගේ රැහෙන් එලවපු එකෙක්
නුදුරු අනාගතයේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් නඩුතීන්දු දෙන්නත් පටන් ගනීවි වගේ...
රඳවාගෙන ප්‍රශ්න කරන්නේ පාස්කු බෝම්බය ගැනද? නැතිනම් මහබැංකු වංචාව ගැනද?
අවුරුදු 3ක් තියාගත්තත් අපිට කමක් නැහැ. වහාම ශිෂ්‍ය භාවය විතරක් නෙමෙයි කැම්පස් එකත් තහනම් කරන්න. අවුරුදු 10ක් ඩිග්‍රිය නොකර දේශපාලක වහලෙක් වෙලා අනිත් අයගේ ඉගෙනීමත් නැතිකරන කෙනෙක්. කවුරුහරි කියාවි මේ ඔක්කොම රට වෙනුවෙන් කලේ කියලා. රෙද්ද තමයි. ජීවිතේටම ඡන්දෙකින් එන්න බැරි අන්තවාදී පෙරෙට්ටු සෙට් එක බලේට ගේන්න තමයි ඔක්කොම කරන්නේ...!
මේ අය ගියදුර වැඩියි. අරගලයට ජනතාව ආපුවාම මේ අය හිතුවේ ඔවුන්ට සක්විති රජකම පහළවෙලා කියලා. අරගලය ගෝඨාභය මහින්ද ප්රමුඛ පවුල්වාදය පන්නන්න මිසක් මේ කණ්ඩායම රජ කරවන්න නොවේ කියලා තේරුම්ගන්න බැරිවුණා වගේ...
දින 90ක් හොඳටම ඇති රනිල්ට මෙයාව හීලෑ කරගන්න. බලන්නකෝ 3% කට්ටියත් මේ දවස්වල බය පක්ෂපාතීව ඉන්න හැටි..!
අයියෝ අවසන් වසරේ විභාගෙ... පාඩම් කරන්න වෙන්නේ නැහැ. කමක් නැහැ... ඊළඟ පාරවත් උත්සාහ කරන්න පුතේ...
රටට වැඩකුත් නෑ. දෙමාපියන්ට වැඩකුත් නෑ. තමන්ට වැඩකුත් නෑ. පාරෙයි, හිරගෙවල්වලයි ජීවිතේ... අන්ධ දේශපාලන භක්තිය සහ පටු සිතුවිලි...
සාමකාමී උද්ඝෝෂණයක් මිස කිසියම් ත්‍රස්තවාදි ක්‍රියාවක් අපට දකින්නට තිබුණේ නැත. පොලිසිය පැමිණ ගැටුමක් ඇතිකර ගැනීමේ උත්සාහයක යෙදුණා. එක පැත්තකින් ජනතාවට සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියක් ලබාදී ඇති අතර තව පැත්තකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එය මර්ධනය කරන්නටද නීතියට බලය ලබාදී ඇත. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිලක්ද නැතිනම් ව්‍යවස්ථාව හිල් කරගෙනද යන්න පැහැදිළි නැත. කාලාබීලා ගෙවල්වල ඉන්න බැරිකමට ජනතාව පාරට බසින බවක් පාලකයින් සිතන බවක් තමයි පෙනෙන්නට ඇත්තේ...
ඒක හොඳයි. මේ පාර නම් පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු අය, මහබැංකු හොරු, සීනි හොරු අතටම අල්ලා ගනියි.
ගෝඨාභය පණබයයි වසන්ත මුදලිගේට… තවමත් බයේ දුවනවා..
පාට කණ්ණාඩි දාගෙන හැමදාම ලෝකය දිහා බලන ඔලමොට්ටලයින් තාම ඉන්නවා. ඔවුන්ගේ ගෙදර ප්‍රශ්න දැන් විසඳිලාද? අරගලයට, පොදු අරමුණකට පාරට බැහැපු අයට දොස් කියන්නේ...?
මාස 03 කට නෙවෙයි, අඩුම ගානේ අවුරුදු 3 ක් වත්...
කන්න නැතත්, විදුලිය නැතත් කටු ලෙවකන අය ජීවත්වන රටක ඔබවැනි අය ඉන්න එක ගැන අපි ආඩම්බර වෙමු...!
කුමට එරට අධිකරණය.? නීතිය හා විනිසුරුවන්...!