(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.
ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස්ථානවලට ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව නියාමන කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ඉන්ධන බෙදාහැරීම පිළිබඳව අද (19) පස්වරුවේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කරන ආකාරය අඛණ්ඩව නිරීක්‍ෂණය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... තාවකාලිකව නෙමෙයි... දෙන්නම එපා.
අනිවර්යයෙන් නිරික්ශනය කරන්න ඔනෙ. මාෆිය කරය බලන්නෙ ක්‍රමය අවුල් කරල වාසි ගන්න , සමහර මාෆියා කරයො ලඟ පැට්‍රොල් ලිටර් 1000-2000 තිබෙනව, දැන් කලු කඩෙ පට්‍රොල් මිල 700 ට පමන පහල බැහැල , එහෙම වුනත් ගැනුම් කරයො නැහ , පට්‍රොල් ලිටර් 5 මදි කියල ත්‍රිවිල් කරයො අන්ඩුවට දැන් හන්ගපු එව එලියට අරන් යස අගෙට දුවන්ව, මෙ ක්‍රමය නිසි ලෙස තව මස 2 නොකඩවා ක්‍රියත්මක කලොත් , ගොඩ යන්න පුලුවන් , පොලිම් නැති වුනොත් සංචාරකයො එවි අපට ඩොලර් ලැබෙවි, මට ලබෙන පට්‍රොල් ලිටර් 4 මගෙ ගමන් බිමන් සදහා හොදටම අති, සමාන්‍ය මිනිස්සු දැන් ඉන්දන භවිත කරන්නෙ පරිස්සමින් , ඉස්සර 130 ට ලිටරෙ තිබෙන කලෙ වගේ නොවෙ,
එතකොට ඇමැතිතුමෝ කේතයට බෙදන ගමං රුපියල් හාර පන්දාහක් පගාවක් දුන්නාම යස අගේට ෆුල් ටෑන්ක් ගහන ෂෙඩ්වලට කොහොමද සලකන්නේ...?
කී දවසටද? දේශපාලකයන්ගේ ඉන්ධනහල් කීයක් ඔය ගොඩට ඇතුළත්ද?
QR කේත ක්‍රමය හොඳ දෙයක්.. අපි ඒක ආරක්ෂා කරගනිමු.
ඇමැතිගේ ප්‍රචාරක ව්‍යාපාරයට හවුල් වෙනවට වඩා, ඒ ඉන්ධනහල්වල නම් ගම් එක්කම දැම්මානම් හොඳයි.
කොහොමත් තව ටික දවසකින් කන්නත් නැතිවෙන එකනම් දන්නවා...!
ඉන්ධන පිරවුම් හල් තෙල් විකිණීමෙන් ලබන ලාභය බොහොම සුළුයි. පොම්පකරුවන්ට ගෙව්වෙත් බොහොම අඩු වැටුපක්. පිරවුම්හල්කරුවන්ගේ ලාභයත්, පොම්පකරුවන්ගේ ආදායමත් දෙකම රඳා පැවතුනේ නොයෙකුත් අයථා ක්‍රම මතයි. පොම්පවල මිනුම අවමව තබා, ලීටර් 6600 බව්සරයකින් ලීටර් 6650-6700 පමණ විකිණීම සැමවිටම සිදු කළා. පොම්පකරුවනුත් තමන්ගේ පොම්පයෙන් විකුණුන තෙල් ප්‍රමාණයට අදාළ මුදල පමණක් දිනය අවසානයේ කළමනාකරුට ලබා දෙන අතර ඔවුනට ලැබෙන වැටුප වගේ දෙතුන් ගුණයක මුදලක් දිනය අවසානයේ ඔවුන්ගේ අතේ ඉතුරු වෙනවා. දැන් මේ දේවල් එකක්වත් කරන්න බැහැ. QR කේතය නිසා ලැබුන ලීටර් ප්‍රමාණයට ආසන්න ලීටර් ප්‍රමාණයක් විකිණිය යුතු වෙනවා. ටැංකි වල තෙල් ඉතුරු වෙලා අහු උනොත් ලෙඩක්. පොම්පකරුවන් පොම්පය zero නොකර සල්ලි මාටියා ගහපු එකටත් කෙලවිලා. මේ තෙල් අර්බුදය විසඳුන කලකත් මේ විදියට QR ක්‍රමය පැවතුනොත් පාරිභෝගිකයින් ගසා කෑම අවම වේවි. හැබැයි ඉන්ධනහල් හිමියන් හා පොම්පකරුවන්ගේ ලාභය හා ආදායම නම් අඩු වෙයි.