(සුජිත් හේවාජුලිගේ )
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙම විමර්ශන ආරම්භ කර ඇත්තේ මේ වර්ෂයේ ජනවාරි 1වැනිදා සිට ජුනි මස 30 වෙනිදා දක්වා අතර කාලයේදීය.
මේ අතර එම කාලසීමාවේදී අල්ලස් ගැනීම් සම්බන්ධ වැටලීම් 22 ක් කර ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පැවරීම් ගණනාවක් මේ වර්ෂයේදී කර ඇතැයි එම කොමිසමේ නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර ආර්ථික උද්ධමනකාරී වාතාවරණය හේතුවෙන් දිවයින පුරා අල්ලස් ගැනීමේ සිද්ධින්වල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හරි වැරැද්දක් තියෙනවා. තව කීයකගේ ලිපිගොනු අතුරුදන්ද?
චෝදනා කෝටියක් තිබුණත් අපි දන්නවා ඕවායේ ප්‍රතිඵල.. මොකක්ද වෙන්නේ කියලා...
මේ නඩු හැකි ඉක්මනින් පටන් ගන්නා මෙන් අධිකරණයෙන් ඉල්ලමි. වැරැදිකරුවන් කවමදාකවත් දේශපාලනයට හෝ අනික් කිසිම සේවයකට සම්බන්ධ නොකරගත යුතුයි.
රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ හොරු නම් අල්ලන එකක් නැහැ.
නිදොස් කොට නිදහස් කිරීම් සහ අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස් කරගැනීම් 80ක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන්න පුළුවන්...
ලිපිගොනු ඇරියාට වැඩක් නෑ. එකෙක් දෙන්නෙක්ගෙන් නැවත අය කරගෙන හිරේදාලා පෙන්නන්නකෝ...
ඔය බොරු කතා. අපේ දේශපාලකයෝ අවංකයි. හොරකම් කරලා තියෙනවා නම් කවුරුවත් හිරේ ගියාද? ගමේ අහිංසකයෝ තමයි හොරු. කොස්ගෙඩියට, පොල්ගෙඩියට හිරේ ගිය අය කොච්චර ඉන්නවද?
දෙවියන්ගේ නාමයෙන් දැන්වත් මේ රට යහපත්, ආදර්ශවත් දේශයක් කිරීම සඳහා දූෂණ, වංචා සහමුලින් මුලිනුපුටා දාන්න අදාළ ආයතන වගකීමකින් කටයුතු කරන්න.
වංචා දූෂණයෙහි යෙදීසිටින නිලධාරීන් පිරිසක්ද සිටින බැවින් මොවුන් සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතුයි...
අල්ලයි වලිගෙ...!
රනිල් සහ මෙතන ඉන්න 225ම චෝදනා විතරයි... ඕවා ඔප්පු කරන්න බැහැ කවදාවත්...