(යොහාන් භාසුර)
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් බවත් එම මිල ඊයේ (19) සිට ක්‍රියාත්මක බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිභෝගික අධිකාරියේ ඉන්නේ හිසරදේට කොට්ටේ මාරුකරන ජාතියේ අය වගේ...
මේ උත්සාහය බිත්තර ආනයනය කරන්න. ජරාව කන්න. රටේ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගැනීම පැත්තකට දාලා තියෙන දේත් නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් දෙන්නේ කොහොමද? සත්වාහාර නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය නෑ. එතැනින් පටන්ගන්න. ඕක අර ගෝඨාගේ කාබනික මේනියාවට දෙවැනි නොවන කාබනික අංක දෙක වෙනවා. දැනට පවතින කුකුල් ගොවිපලවල් වැටෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය කරන දේත් නැතිවෙනවා.
කිකිළියක් දවසකට බිත්තර දෙකක් දැමිය යුතුයි කියලා නීතියක් දාන්න බැරිද?
මිල නියම කරන එක ලේසියි.. අසරණ මිනිස්සු ළඟ සල්ලි තියෙයිද මේවා ගන්න...?
තවමත් රටේ ප්‍රශ්ණ විසඳීමට විද්‍යාත්මක ප්‍රවේශයක් නැති බව ඉතා පැහැදිලියි. එවන් ක්‍රමයක් ඇතිවනතෙක් අප තව තවත් අගාධයට යාම නැවතිය නොහැක.