(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ,ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට එළඹෙන 24 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව එම නිවේදනයේ සඳහන් වේ.
නුදුරේදීම ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා දීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා ප්‍රගතියක් ලබා ගැනීම සංචාරයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
මසහිරෝ නොසාකි සහ පීටර් බෲවර් මහත්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ දේශපාලකයන්, මන්ත්‍රීවරු අතර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කිසිඳු එකඟත්වයක් නොමැති නිසා අයි.එම්.එෆ්. සහතිකයක් ලබාදෙන්නේ කෙසේද?
හොරා කාපු අය... තමතමුන් හොරාකාපු මුදල් ටිකටික හරි දුන්නා නම් මේ කියන කාරණාව නිකන්ම සම්පූර්ණයි.
ණය ණය ණය.... ආයෝජන ආයෝජන ආයෝජන... විකිණීම රට හදන ඔය මාර්ග වීතරද තියෙන්නේ...? ඇමෙරිකාව, ජපානය දියුණු වුනේ ණය අරන්ද? ආයෝජන වලින්ද? විකුණලද? තියෙන තරමින් ජීවත්වෙලා දුක් විඳගෙන අනාගත දරුපරපුර වෙනුවන් මහන්සියෙන් රට ගොඩගන්න මේ රටේ පිරිමි නැතිද...?
රටට මෙච්චර වෙලත් ගොටාභයගේ වියදමත් රජයෙන්ලු .ඉතින් කොහෙද අයි එම් ඒෆ් උදව් කරන්නේ
පවුලක් ගැන හිතලා රටේ අර්බුදය ආදේශ කරන්න. මගේ තාත්තත් සියලු දේපළ විකුණලා හෝ උකස් කරලා තිබ්බා නම් මට යන කල දසාව මොකක්ද? අපේ ධනෝපායන මාර්ග සියල්ල පිට රටට උකස් කරලා විකුණලා මුං ටික මැරිලා ගියාම අපේ රටේ අනාගත දරු පරම්පරාවට යන කලදසාව මොකද්ද? ඔවුන් සාප කරාවි... දේශපාලන කාඩයිනි, ඔබට පෙනෙන්නේ නැද්ද වැරැදි වැඩනිසා අහිංසක මිනිස්සු දහදුක් විඳින බව... මගේ ගමේ සමහර දරුවන් අපාදුක් විඳිනවා. ඒවා ගැන මම හොඳින් දන්නා නිසා මට නම් දේශපාලකයින් ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්...!