පළාත් දෙකකට සුළු වර්ෂාවක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2023
රිය අනතුරින් අටක් රෝහලේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් අට දෙනකු රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 14 August 2023
ඉරානයේ මුස්ලිම් පල්ලියකට අයි.එස්. ප්‍රහාරයක් ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. 14 August 2023
කපා කොටා එක්දරු පියා මරලා තියුණු ආයුධවලින් කපාකොටා අද අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 14 August 2023
කලම්බු පිලේ තුන්වැනි ජයෙන් තරගාවලිය තවත් උණුසුම් වෙයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ ලකුණු 9 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ. 14 August 2023
රෝද තුනේ තරගය විඩියෝ කළ තරුණයා විදුලි කණුවක ගැටී මරුට මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු ආලෝක විදුලි කනුවක ගැටීමෙන් එක් තරුණයකු මියගොස් ඇති බවත් තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇති බවත් පානදුර දකුණ පොලිසිය පවසයි . 13 August 2023
කුමාරි ඇල්ල කුමාරයෙක් බිලි ගනී හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එක් අයකු අද (13) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 13 August 2023
විද්‍යුත් බස් ළඟදීම එනවා විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (13) පැවසීය. 13 August 2023
ඉපදුණු හැටියේ බිළිඳා බිම වැටී මරුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා විය . 13 August 2023
හරි ගමනක් නොගියොත් වසර දහයකින් රට අගාධයට පසුගිය සමයේ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 13 August 2023
ගෝල් ටයිටන්ස් තුන්වැනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 7 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය. 13 August 2023
විශේෂඥ වෛද්‍යවරු 120 ක් රටින් පැන යති පසුගිය වසර එකහාමාරක කාළය තුල විදේශගතව පුහුණුව ලැබ මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 ක් අතුරින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනකු ඇතුලුව විශේෂඥ වෛද්‍යවරුන් 120 දෙනකු කිසිවකුට නොදන්වා විදේශගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සේවා පිළිබදව අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු පවසයි. 13 August 2023
කෝටි 6500ක ව්‍යාපෘති 26ක් කොට උඩ නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි හය දහස් පන්සිය අසූ හතක් වටිනා ව්‍යාපෘති 26 ක් විවිධ හේතු මත අතරමඟ නැවතීමෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ප්රතිලාභ අහිමි වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 13 August 2023
පාපන්දු පිටියේ ගුටි කෙළියෙන් පසු රිටර්න් දෙන්න ආ 20 ක් දැලේ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ ඉකුත් (7) දැනි පැවති පාපන්දු තරඟයක් අතරතුර ඇති සිසු ගැටුමකට සම්බන්ධ සිසුන් පිරිසකට ප්රතිප්රයහාර එල්ල කිරිමේ අරමුනින් බොරුල්ල බන්ධනාගාර අසල රැක සිටි පාසල් සිසුන් 19 ඇතුළු විසි දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි 13 August 2023
රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබති විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත. 13 August 2023
බැරක්කයෙ නිදා සිටි සෙබළාගේ රන් මාලයට විදලා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරේ බැරැක්කය තුළ නිදා සිටි ගුවන් හමුදා භටයකුගේ රන් මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 13 August 2023
බලමැන උතුම් ඇත් පන්තිය පිනට ලැදී ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඬුව වැඩම වීම සඳහා ඇතුන් සිවු දෙනකු තෝරා ගනු ලැබ ඇත. 13 August 2023
පුංචි ශ්‍රිපාද කන්දනේ විදේශීකයෙක් ඇදවැටෙයි ඇල්ල සංචාරක කළාපයේ පුංචි ශ්‍රීපාදය කන්දෙන් අද( 13) අඩි 100 ක පමණ ප්‍රපාතකට ඇද වැටුන විදේශිකයෙක් ප්‍ර දේශවාසීන්ගේ සහාය ඇතිව ඇල්ල සංචාරක පොලිසිය විසින් මහත් පරිශ්‍රමයක් යොදා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතා පැවසීය . 13 August 2023
මවුපිය දැසට වැලි ගැසුවත් පොලිසිය රවටන්න බැරි වේ පාසල් යන බව මාපියන්ට පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇඳුම් සඟවා මුහුණු පොතෙන් පමණක් හඳුනාගත් පෙම්වතුන් හමුවීම සඳහා කුරුණෑගල නගරයට පැමිණ සිටි 16 හැවිරිදි ලාබාල පාසල් සිසුවියන් දෙදෙනකු පොලිස් බාරයට ගෙන මාපියන්ට බාර දුන් බව කුරුණෑගල පොලිසිය කියයි. 13 August 2023
අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොයට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපන ශාලාවට අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව දෙන බව බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය. 13 August 2023
නියඟයෙන් දිස්ත්‍රික්ක 13 කට දැඩි බලපෑම් දැඩි නියඟය හේතුවෙන් සබරගමුව, නැගෙනහිර, වයඹ, උතුර, ඌව සහ දකුණ යන පළාත් හයක පවුල් 51641 කට අයත් 171781 පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 13 August 2023
ඖෂධ කාණ්ඩ 40 ක් අත්හිටුවයි ? සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ රෝහල් වෙත සැපයූ ඖෂධ රෝගීන්ට දීම අවස්ථා 69 කදී අත්හිටුවා ඇති බවත් එහිදී අත්හිටුවූ ඖෂධ කාණ්ඩ අතරින් කාණ්ඩ 40 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සැපයූ ඖෂධ බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 13 August 2023
නූලෙන් මඟ හැරුණු යාංගල් මෝදර අනතුර යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවන්නට ගිය මාරාන්තික අනතුරක් වළක්වාගැනීමට දුම්රිය ගේට්ටුකරු සහ සහායක ගේට්ටුකරුගේ දක්ෂතාවමය මත වළක්වා ගැනීමට සමත් වූහ. 13 August 2023
හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී , එංගලන්තය බලා පැන යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කර තිබේ . 13 August 2023
ඩිජිටල් හැදුනුම්පත හදන්න ගිවිසුම්ගත වෙයි ඉන්දියා ආධාර යටතේ මෙරටට හදුන්වා දෙන නව ඩිජිටල් හැදුනුම්පත හෙවත් සුවිශේෂි ඩිජිටල් හැදුනුම්පත (Unique Digital Identity) සකස් කරන ආයතනය හා ශ්‍රී ලංකා රජය ලබන ඔක්තෝම්බර් මාසයේදී ගිවිසුම්ගත වීමට නියමිතය. 13 August 2023
යතුරුපැදි-ලොරි අනතුරින් සිසුවා මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ යාපනය , චාවකච්චේරි වෛරව කෝවිල අසලදී යතුරු පැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවකු අද (13) මියගොස් ඇතැයි චාවකච්චේරි පොලිසිය කියයි. 13 August 2023
ජල ව්‍යාපෘති 20 ක ජල සැපයුම අත්හිටුවයි ජාතික ජලම්පාදන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජලසම්පාදන ව්‍යාපෘති 344 න් ව්‍යාපෘති 20 ක අඛණ්ඩ ජල සැපයුම අත්හිටුවා මුර ක්‍රමයට ජලය නිකුත් කරන බව එම මණ්ඩලය පවසයි. 13 August 2023
සාම සාධක සේවයට අපේ අය යවන්න සාකච්ඡා මාලි රාජ්‍යයට ගොස් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් එම රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමට ගෙන ඇති තීන්දුවත් සමඟ සාම සාධක හමුදා සේවයෙ ඇතිවන හිඩැස පිරවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට රජය තීන්දු කර ඇත. 13 August 2023
ජනපති මැණික් වලින් ඩොලර් හොයන ක්‍රම ඉල්ලයි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්රිත අපනයන හා ප්‍රති අපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 13 August 2023
ලංකාව එන චීන නැවක් ගැන ඉන්දියා මාධ්‍ය කතා කරයි චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. 13 August 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026