මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 01 December 2025
හව්හරණක් නැතිව අවසන් ගමනේ උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති. 01 December 2025
ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 December 2025
ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පැවසීය. 01 December 2025
ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙන් නැවත නිවසට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (1) පැවසීය. 01 December 2025
කැලණි ගඟ රුදුරු වී කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල නගරය සහ අධිවේගී අධිවේගී පිවිසුම අවට අඩි දහයක පමණ ජලය මට්ටමක් දක්නට ලැබිණි. 01 December 2025
ප්‍රමාණවත් දුම්රිය නොමැති නිසා මගීහු මහ මග දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති. 01 December 2025
චීනයේ විශ්වාසය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 December 2025
රට යළි ගොඩනගන අරමුදලට කැබිනට් අනුමැතිය ‘දිට්වා’ සුළි කුණාටුවෙි හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 01 December 2025
නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක් ආධාර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට නවසීලන්ත ඩොලර් මිලියනයක් ආධාර ලෙස ලබාදීමට නවසීලන්ත රජය තීරණය කර ඇතැයි මෙරට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය අද ප්‍රකාශ කළේය. 01 December 2025
බන්ධනාගාරයට ස්කෑන් ගැනීමේදී සමාගම් දෙකකට සැළකිල්ලක් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සිරකරුවන් සහ සිරකරුවන්ට දෙන පාර්සල් ස්කෑන් කිරීමට රුපියල් කෝටි ගණනක් වටිනා නවීණ ස්කෑන් යන්ත්‍ර 8 ක් මිලදීගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති ටෙන්ඩර් දැන්වීමට සැපයුම්කරුවන්ගේ සුදුසුකම් වැරදි ලෙස නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තු ඇතැම් නිලධාරීහූ පවසති. 01 December 2025
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ කාලය 7 දක්වා දීර්ඝ කරයි රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයේ කාලය මෙම මස 7 වැදා දක්වා දීර්ඝ කළ බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 01 December 2025
ආපදාවක් නැති පළාත්වල ලංගම වැඩ මගී ප්‍රවාහන බස් ආපදාවට පත්ව නොමැති සියලුම ප්‍රදේශවලට ඊයේ (1) දිනයේ ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ නියාමනය කරන ආයතන පැවසීය. දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද පස්වරුව වන විට තව දුරටත් වැඩි කිරීමට දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. 01 December 2025
ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් අද (01) දිනය වන විට මරණ 366ක් සිදුවී 367 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2025
මෝය කටේ වැලි ඉවත් කරමින් සිටි නාවික හමුදාවේ 5ක් අතුරුදන් අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, චලේ ප්‍රදේශයේ වැලිවලින් වැසී ගිය කලපුවක ජල මාර්ගය පිළිසකර කරමින් සිටි නාවික හමුදාවේ පස් දෙනකු අද (1) අධික ජල පහරට හසුව අතුරුදන්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවැසීය. 01 December 2025
රන් පවුමක මිල තවත් ඉහළට රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ. 01 December 2025
යළි සුළි කුණාටුවක් නෑ ඉදිරි සති දෙකක කාලය තුළ දිවයිනේ හිතකර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා පර්තමේන්තුව පවසයි 01 December 2025
වැලිමඩ- කැප්පෙටිපොල එළවළු තොග ගොඩ ගැහිලා ප්‍රධාන එළවළු සැපයුම් ප්‍රදේශ වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වලට විශාල වශයෙන් ගෝවා, කැරට්, බෝංචි ආදී එළවළු වර්ග තොග ලැබෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 01 December 2025
ආපදා කඳවුරු වල පිහිටට ’’ආරෝග්‍ය’’ එයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ආරෝග්‍යා සෞඛ්‍ය සායනය ආපදා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය කියයි. 01 December 2025
අධාර රැගත් ඉන්දියානු නෞකාවක් ත්‍රි‘මලේ වරායට ජල ගැලීම්වලින් විපතට පත් නැගෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් ’’සුඛන්යා’’ (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව අද (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වුහ. 01 December 2025
බදුල්ලේ 82ක් මරුට බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ ආපදාවන්වලින් මියගිය ගණන 82 දක්වා අද (01) ඉහළ ගිය බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි. 01 December 2025
මහියංගන රෝහලේ ඕ.පී.ඩී අරී මහියංගන මූලික රෝහලේ බාහිර රෝගී අංශය (OPD) අද(1) විවෘත කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය. 01 December 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (දෙසැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 December 2025
ගම්පහ පිරිසිදු කරයි දින කිහිපයක් ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව මත ඇතිවූ ගංවතුර ගැලීම හේතුවෙන් අප ජලය මුසුව අපවිත්‍ර වූ ගම්පහ නගරය පවිත්‍ර කිරීමට මහ නගර සභාව පියවර ගනු ලැබීය. 01 December 2025
මධ්‍යම පළාතේ පුද්ගල මරණ 202ක් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මරණ 103ක් ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව ඇතැයි ද මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 24ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 06ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි. 01 December 2025
හෙලිකොප්ටර අනතුර ගැන හොයන්න විමර්ශන මණ්ඩලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර අැත 01 December 2025
යක්කල ආයුර්වේදය අසලින් එක් මං තීරුවක් විවෘත කරයි කොළඹ - මහනුවර මාර්ගයේ, යක්කල ආයුර්වේදය අසල කොටසක් ගිලා බැසීමට ලක්වූ පාළමෙන් දෙපසට රථවාහන ධාවනය කිරීම සඳහා මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 01 December 2025
පොළොන්නරුවේ පවුල් 7,434ක් අපදාවට දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හා ගංවතුර තත්ත්වය නිසා පවුල් 7434 ක පුද්ගලයින් 25293 දෙනෙකු අද( 01 ) වනවිට ආපදාවට ලක්වී සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. 01 December 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026