(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙවැනි විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂය ලෙස සතුටු වෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අද කතා කෙරෙන්නේ රටට ඉතා වැදගත් අණ පනත් ගැනයි.නමුත් විපක්ෂ නායකතුමා මේ පනත් තුන ගැන එක වචනයක් කතා කළාද?ටෙස් මැච් එකක් වගේ බන්ධනාගාර ගැනම කතා කරනවා.වචන තිබුණ පලියට කතා කරන එකෙයි විෂය බද්ධ කාරණා ගැන කතා කරන එකෙයි වෙනසක් තියෙනවා.විපක්ෂ නායකතුමාගේ කතාවේ කිසිම බරක් අපට පේන්නෙ නෑ.අද සාකච්ඡා කරන්නේ රටේ දේශපාලන සංස්කෘතිය ශුද්ධ පවිත්‍ර කිරීමේ මූලික පනත් කිහිපයක් ගැන.අපේ රට පසුගිය දශක කිහිපයේ ජාත්‍යන්තර අප්‍රසාදයකට ලක්වුනා නම් අද ඉදිරිපත් කෙරෙන්නේ  ඒ අප්‍රසාදයෙන් රට ගලවා ගන්නා අණ පනත් බව කිව යුතුයි.එවන් තත්ත්වයක් යටතේ විපක්ෂ නායකතුමා කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් ජාතියේ කතා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.