(රංජිත් රාජපක්ෂ)
බන්ධනාගාර ගත කර සිටි නුවරඑළියෙදි භෞත චිකිත්සකවරිය ඝාතනය කල ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (09) දින ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ නුවරඑලිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් සැකකරු බන්ධනාගාර නිළධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට කල ඉල්ලීමක් මත මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුව බන්ධනාගාර නිළධාරින් සහ පොලිස් නිළධාරින්ගේ දැඩ ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල ලබා දීමෙන් පසු යලිත් සැකකරුවන් සිව් දෙනා නුවරඑලිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම නියෝගය ලබා දී තිබුණි
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබූවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා, මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd