(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ඩෙංගු මර්දන කටයුතු කරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී ඇත.

අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා මේ බව අනාවරණය කළේය.

කොළඹ දිස්ත්‍රික්කය පුරා ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවද ඔහු කීය.

ජූනි මාසය පුරා සිදුකළ ඩෙංගු වැටලීම්වලදී වගකීම් පැහැරහැරිය පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායම් උපයා ගැනීමට හැකි වු බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය.