මහින්දගේ මෛත්රිගේ වාහන ඉල්ලීම ආරක්ෂක කමිටුවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඔවුන්ගේ ආරක්ෂක රථ නැවත ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සමාලෝචන කරන කමිටුවට භාරදී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 13 October 2025
ලෝක සෞඛය සමුළු කොළඹ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද(13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ විය. 13 October 2025
පළාත් ඡන්දය තියන්න රටේ නීතියක් නෑ මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය. 13 October 2025
කාන්තා අයිතිය රකින්න ලංකාව කැපවී සිටිනවා කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය සඳහා ලංකාව කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ දී පැවැසුවාය. 13 October 2025
නඩු වැඩ ඉක්මන් කරන්න අභියාචන මහාධිකරණයක් කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කළ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. 13 October 2025
ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යයි ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය. 13 October 2025
මොරගහකන්දෙන් තවත් ජීවපතුරොම් මතුවෙයි තෙවැනි දිනටත් මොරගහකන්ද ජලාශ පතුලෙන් තවත් ජිව පතොරම් දහකට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්වී ඇතැයි ආරක්ෂක අංශ කියයි. 13 October 2025
දිගටම මිනිස්සු රැවටුවොත් දේශපාලකයා අනතුරේ ජනතාව මෙලෙස නිකරුනේ දිගටම රැවටුවොත් දේශපාලකයාට ආරක්ෂාවක් නැතිව යනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය. 13 October 2025
ගල්කිස්ස කොස්තාපල්ට ඇප ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. 13 October 2025
බන්ධනාගාර වාට්ටුවේ දුරකතන 4ක් ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 13 October 2025
ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක් ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත් දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. 13 October 2025
වැසිකිළි වලක් පුපුරා අයෙක් මරුට තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 13 October 2025
ඇල්ලෙන් පහළට වැටී සිසුවා මරුට සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි . 13 October 2025
බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණ සහ ඌවට තද වැසි බස්නාහිර, සබරමුව, දකුණු සහ වයම පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 October 2025
මුහුදුබඩ දුම්රිය මාර්ගට පස් කන්දක් කඩාවැටේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. 13 October 2025
අගමැතිනී චීන මහා ප්රාකාරයේ චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගියාය. 13 October 2025
නීතිඥයාගේ හැසිරීම අනුමත කරන්න බෑ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 13 October 2025
එතෙර ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 695ක් විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 12 October 2025
මොරගහකන්ද ජලාශයෙන් උණ්ඩ මතුවේ මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි. 12 October 2025
මත්ද්‍රව්‍ය-දේශපාලකයා ළඟ නෑයෝ මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12)පැවසීය. 12 October 2025
නානුඔයට මහ වැසි නුවරඑලිය නානුඔය ප්‍රදේශයට අද පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීම නිසා රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණියේය. 12 October 2025
ණය ගැන මහ බැංකුවෙන් හෙළිදරව්වක් මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. 12 October 2025
නාරම්මල අනතුරකින් දෙදෙනෙක් මරුට නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්‍රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ ලොරි රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ලොරි රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්වල පොලිසිය කියයි. 12 October 2025
උදැල්ලකින් පහරදී කතක මරලා ළඟ ඇසුරුක් පවත්වාගෙන ගිය බව කියන 37 හැවිරිදි කතකට උදැල්ලකින් පහරදී මරා දමා ඇතැයි මාවතගම පොලිසිය කියයි. 12 October 2025
පුංචි ආණ්ඩුවේ මන්ත්‍රී ගංජා එක්ක මාට්ටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්‍රෑම් 9 ක් සමඟ පෙරේදා 11 වෙනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. 12 October 2025
ලෝක සෞඛ්‍ය සැසියක සත්කාරකත්වය ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රට වලින් සමන්විත කලාපයේ 78වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. 12 October 2025
වසරේ මේ දක්වා වෙඩිතැබීම් 101ක් මරණ 51ක් මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් 101 ක් සිදුවී, පුද්ගල මරණ 51 ක්ද ,සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 12 October 2025
දිනකට හයක් එලොව යති හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. 12 October 2025
විදෙස් රැකියා වංචා අල්ලන දැල ලොකු කරයි විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව සිදුකරන මෙහෙයුම් පුළුල් කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 12 October 2025
වතු ජනතාවට 1750ක වැටුප මේ අවුරුද්දේ කොහොම හරි දෙනවා වතු ජනතාව සඳහා රුපියල් 1750ක දෛනික වැටුප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12) පැවැසීය. 12 October 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025