(ඩී. ජී.සුගතපාල)

මිගමුව බන්ධනාගාරයේ ඇතිවු කලබලකාරි තත්වයෙන් පසුව බූස්ස බන්ධනාගාරයට  මාරුකර යැවූ රැඳවියකු ඊයේ රාත්‍රීෙය මියගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

බුස්ස බන්ධනාගාරයට ගෙන එන ලද රැඳවියාට හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රි 9.30ට පමණ බන්ධනාගාර නිලධාරිනගේ ආරක්ෂාව යටතේ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුමියගොස් ඇත.

මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්විමට නියමිත අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.