(පද්මසිරි ගාර්දියවසම් සහ ඩි.ජී.සුගතපාල)

මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.

ඔහු ඊයේ (07) රාත්‍රි 10.30 ට පමණ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.