(කුෂාන් ජයවර්ධන)

වී සඳහා සාධාරණ මිලක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්ගො වි සංවිධාන රැසක ගොවි නියෝජිතයෝ කැකිරාවේදී අද (07) විරෝධතාවයක නිරත වූහ.

අනුරාධපුර දිස්ත්‍රික් හුරුළු පෝෂිත කලාපය, කැකිරාව, ගල්කිරියාගම මහවැලි කලාපය සහ අනුරාධපුර දිස්ත්‍රික් මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක් එක්ව මෙම ගොවි උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

වී සඳහා සාධාරණ මිලක් , ගොවීන් මුහුණපාන ආර්ථික දුෂ්කරතාවලට කඩිනම් විසඳුම් , කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන ලෙස් ගොවීහු ඉල්ලා සිටියහ.  

උද්ඝෝෂණයට එක්වූ ගොවීන් අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ රැසක් ද එක් වූහ.

කැකිරාව කුඹුක සිසිල ළමා උද්‍යානය අසළීන් සිය විරෝධතා පාගමන ආරම්භ කළ ගොවින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් කැකිරාව වටරවුම දක්වා ගමන් කළ අතර, අනතුරුව කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් කැකිරාව ප්‍රාදේශීය ලේකම් ඉසුරු බංඩාර මහතා වෙත භාර දීමට එම ගොවීහු කටයුතු කළහ.