
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 20 ක පමණ වටිනාකමින් යුත් වියළි කහ කිලෝග්‍රෑම් 60,000 කට අධික ප්‍රමාණයක් මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තතමේන්තුව සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තතමේන්තුව පමණක් පසුගිය මාස හය තුළ නීති විරෝධී ක්‍රම ඔස්සේ ආනයනය කළ වියළි කහ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අත්අඩංගුවට ගත් බවත් නීතිවිරෝධීව ඉන්දියාවෙන් ආනයනය කර තිබියදී පසුගිය මාර්තු මස 31 වැනිදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 16,000 ක් අඩංගු වියළි කහ කන්ටේනරය එහි විශාලතම තොගය බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
මහනුවර පන්නිල ප්‍රදේශයේ සමාගමක් කන්ටේනරයක සූක්ෂමව සඟවා ආනයනය කළ වියළි කහ කිලෝග්‍රෑම් 16,000 ක කන්ටේනරයක් මෙම වසරේ මාර්තු මස 31 වැනිදා රේගු නිවාරණ අංශය එසේ අත්අඩංගුවට ගත් බවත් එසේම විවිධ ආකාරයට නීතිවිරෝධී ලෙස මෙරට රැගෙන ආ වියළි කහ තොග අවස්ථා රැසකදී අත්අඩංගුවට ගත් බවත් පුංචිහේවා මහතා කීය.
රේගුව අත්අඩංගුවට ගත් එම වියළි කහ විනාශ කිරීමේන් තොරව රේගුවේ ගබඩාකර ඇති අතර සතොස හරහා එම වියළි කහ අළෙවි කිරීමේ හැකියාව ඇති බව කී පුංචිහේවා මහතා රසායනික නිෂ්පාදනය කරන සමාගමක් වියළි කහවලින් රසායනික නිෂ්පාදනය කිරීමට මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු චමින්ද වලාකුළුගේ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම වසරේ මැයි මස අවසන් වන විට වියළි කහ කිලෝග්‍රෑම් 3,435 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් නාවික හමුදාව පසුගිය අප්‍රේල් මස 22 වැනි දින කල්පිටිය, තිල්ලයාඩි වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,030කට අධික තොගයක් භාරයට ගෙන ඇති බවත්ය.
ආරක්ෂක අංශ පවසන්නේ අත්අඩංගුවට ගත් කහ තොගයට සමාන හෝ ඊට වඩා ප්‍රමාණයක් විවිධ ක්‍රම ඔස්සේ රට තුළට පැමිණෙන්නට ඇතැයි අනුමාන කරන බවත් එවැනි සැපයුම්කරුවෙක් නොමැති කහ තොගයක් මීට දින කීපයකට පෙර පාරිභෝගික කටයුතු අධිකාරිය අත්අඩංගුවට ගෙන තිබූ බවත්ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වියළි කහ ආනයනය තහනම් කළ අතර එම කාලයේ මෙරට තුළ කහ මිල විශාල වශයෙන් ඉහළ ගියේය.
එම තහනම තව දුරටත් පැවතීම නිසා මෙරට තුළ කහ මිල තව දුරටත් ඉහළ අගයක පවතී.
අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් පැවසුවේ මෙම තත්වය හේතුවෙන් ඉන්දියාවෙන් වියළි කහ නීති විරෝධීව විවිධ ක්‍රම ඔස්සේ ගෙන ඒම ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් මෙරට ගොවීන් කහ වැවීම අත්හැර දමන තත්වයකට පත්ව ඇති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd