
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා එරට කීර්තිමත් නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.
මහාචාර්ය ශ්‍රීමත් නිෂාන් කනගරාජා මහතාට නයිට් පදවිය පිරිනැමීමේ උත්සවය පසුගිය 7 වැනිදා වින්ඩ්සර් මාළිගාවේදී තෙවැනි චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එහිදී සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව තෙවැනි චාල්ස් රජු ඉදිරියේ දණ ගසමින් මහාචාර්ය ශ්‍රීමත් නිෂාන් කනගරාජා මහතා නයිට් පදවිය බාරගෙන ඇත.
කනගරාජා මහතා යාපනය ප්‍රදේශයේ උපත ලබා ඇති අතර මීට වසර 40කට පමණ පෙර ශිෂ්‍යත්වයක් මත බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී තිබිණි.
මහාචාර්ය කනගරාජා මහතා උසස් අධ්‍යාපනයට ලබාදුන් අමිල දායකත්වය වෙනුවෙන් ඔහු මෙම නයිට් පදවියෙන් පිදුම් ලබා ඇත.
සිය පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් ඉදිරියේ චාල්ස් රජුගෙන්, නයිට් පදවියකින් පිදුම් ලැබීමට හැකිවීම තමන් ලද ගෞරවයක් බව නයිට් පදවියෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ශ්‍රීමත් නිෂාන් කනගරාජා මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd