
(අංජුල මහික වීරරත්න)
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බව කී ජනපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බව සඳහන් කළේය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා "ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන" ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡාවට ලක් කෙරිණි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති එක් එක් අංශ මගින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූණු අතර 2027 වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා විය. මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් විද්‍යාත්මක පදනමක් සහිත උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd