ශ්‍රී ලංකාවේ උමා එංගලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය. 05 July 2024
පියුමිගේ සුදු වෙන ක්‍රීම් සමට හිතකරද? නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 05 July 2024
“උරුමයෙන්’’ තවත් ලක්ෂ 20කට ඉඩම් ඇතැමුන් සමාජවාදය ගැන කථා කළද නියම සමාජවාදය ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 July 2024
විශ්‍රාම වැටුප දෙන්න අල්ලස් ගත් පියන්ලා රිමාන්ඩ් විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනා කරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය. 05 July 2024
සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දින මෙන්න අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස නවවෙනි දින සිට 19 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්ද කරයි 05 July 2024
ණය ගිවිසුම් දෙක මැතිසබා න්‍යාය පුස්තකයට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 05 July 2024
රවී ට ’’වැල් පාලම’’ එපා වෙයි හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසීය. 05 July 2024
කැලෑ වැදුණු ගොඩනැගිලි හොයන්න මැතිසභා කමිටුව රට පීරයි රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් ඉදිකර කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑ වැදී ඇති වටිනා ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් තෝම්බුවක් සකස් කිරීමට කටයුතු කරගෙන යන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 05 July 2024
ටින් ගත්තු අයට පණිවිඩයක් බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය. 05 July 2024
සාගලගේ රථ පෙළ වීඩියෝ කළැයි තරුණයක් අල්ලයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 05 July 2024
මූතූර් ළිදකින් කාන්තා මළසිරුරක් තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ අද (05)දා මුතූර් පොලිසිය විසින් ගොඩගනු ලැබීය. 05 July 2024
අනවසර සංක්‍රමණිකයන් 89 ක් ගිලී නසිති අප්‍රිකාවට අයත් මොරිටානියාවට ඔබ්බෙන් මුහුදේ අනවසර සංක්‍රමණිකන් පටවා ගත් බෝට්ටුවක් ගිලී යෑමෙන් 89 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 05 July 2024
කුකුළු මස් ’’කප්’’ ගසයි ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2024
ජනාධිපති අපේක්ෂකත්වය බලාගෙන ඉන්නවා මෙරට ලොකුම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහා අද (5) පෙරවරුවේ පැවසීය. කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිනයන්ගේ මධ්‍යස්ථානය වෘවිත කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය. 05 July 2024
ලොරියක් පෙරැළි හතරක් මරුට බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (05) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 05 July 2024
ගින්න පසු ඒ - 9 පාර විවෘත කරයි අකුරණ නගරයේ අද (5) පෙරවරුවේ හටගත් ගින්න හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස වසා දමා තබූ මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ අකුරණ කොටස ගින්න මැඩවැත්වීමත් සමඟ පැය පහකට (පෙරවරු 6 සිට දහවල් 11 දක්වා) පසුව විවෘත කිරීමට ආරක්ෂක අංශ පියවර ගණු ලැබුණි. 05 July 2024
කුඩු ජාවාරම්කරු වෙඩි කා ගෙන ගියත් රෝහලේදී අසුවේ වැටලීකට ගිය පොලිස් නිළධාරීන් කණ්ඩායමකට කොට්ටාව පැලැන්වත්ත දී වෙඩි තැබීමට සැරසුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු තුවාල ලැබූ සැකකරු මෝටර් රථයකින් පලා ගොස් රෝහල් ගත වීමට යාමේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 05 July 2024
මාදම්පේ බස් අනතුරින් 3 ක් මරුට මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ(04) උදේ සිදුවූ මාරක බස් ලොරි අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි. 05 July 2024
මහවත්තට ඇප සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කළේය. රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරිණි. 05 July 2024
ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයක උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත වෙමින් දින නියමයක් නොමැතිව ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත. 05 July 2024
දයාසිරිගේ ගමන පොලිසිය වළක්වයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පොලිසිය ඉඩ නොදුන්නේය. 05 July 2024
මැල්සියා ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. 05 July 2024
‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය. 05 July 2024
කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි. 05 July 2024
වතු නිවාස පෙළක ගින්නක් තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 05 July 2024
පොලිස් නිල සුනඛ අංශයට සුනඛයින් 35ක් පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට අද(05) අලුයම රැගෙනවිත් තිබේ . 05 July 2024
අකුරණ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් :A9 මාර්ගය වහයි අකුණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වු ගින්නක් හේතුවෙන් ඒ 9 මාර්ගය මේ වන විට තාවකාලික වසා දමා ඇතැයි පොලීසිය කියයි. 05 July 2024
විදුලිය -ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ. 05 July 2024
‘යුක්තිය‘ ගතවූ පැය 24 දී 1426 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කිරීමත් සමඟ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 05 July 2024
පළාත් තුනකට - දිසා තුනකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026